CDBiDeposit

CDBiDeposit හරහා රුපියල් 5000ක අවම තැන්පතු මුදලකින් ආරක්ෂිතව සහ පහසුවෙන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කල හැකිය. CDBiDeposit යනු අපගේ අද්විතීය ඩිජිටල් බැංකුකරණයේ හැරවුම් ලක්ශය වන CDBiNet* හි සේවාවක් වන අතර ඔබට ඔබගේ ස්මාර්ට් දුරකතනය භාවිතා කරමින් කඩිනමින්හා ඉතා සුරක්ෂිතව නිවසේ සිටම ස්ථාවර තැන්පතුවක් ඇරඹිය හැකිය.

CDBiDeposit හරහා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමට CDBiNet වෙත පිවිසෙන්න:

- Digital Fixed Deposit - CDB I Net

CDBiNet බාගත කිරීම සඳහා පිවිසෙන්න:

Google Play app Apple Store

*CDBiDeposit සඳහා CDBiNet ගිණුමක් අවශ්‍ය වේ

 

CDBiDeposit හි ප්‍රතිලාභ

කඩිනමින් තැන්පතු ආරම්භ කිරීමේ හැහැකියාව

CDBiDeposit හරහා ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකිය.

ඔබගේ අවශ්‍යතාව අනුව තැන්පතු කාල සීමාව තීරණය කිරීමේ හැකියාව

තැන්පතු කාල සීමාව මාසයක අවම කාල සීමාවක සිට ඔබට අවශ්‍ය කාලයක් දක්වා තීරණය කළ හැකිය.

පොළිය ලබාගතහැකි ආකාරය ඔබටම තීරණය කළ හැකිය

තැන්පතුවට අදාල පොළිය මාසිකව හෝ තැන්පතු කාල සීමාව අවසානයේ ලබා ගන්නේද යන්න ඔබට ආරම්භයේදී ම තීරණය කළ හැකිය.

තැන්පතු කල්පිරීමේදී මුදල් ලබාගන්නා ආකාරය තීරණය කිරීමේ හැකියාව

ඔබගේ තැන්පතුව කල් පිරීමේ දී, එම මුදල නැවත තැන්පතුවක් ලෙසින්ක්‍රියාත්මක වෙනවා ද, පොළිය පමණක් ලබා ගන්නවා ද යන්න ඔබට පහසුවෙන් තෝරාගත හැකිය.

 

CDBiDeposit හරහා තැන්පතුවක් ආරම්භ කරන ආකාරය.

ඔබ CDB ගණුදෙනුකාර භවතෙක් නම්, CDBiNet වෙත පිවිස, CDBiDeposit විකල්පය තුළින් උපදෙස් අනුගමනය කරමින් තැන්පතුවක් ආරම්භ කල හැක.

1. www.cdbinet.lk වතින් ඔබගේ CDB ගිණුම වෙත පිවිසෙන්න.
2. “Open iDeposit” මත ක්ලික් කරන්න.
3. ඔබට අවශ්‍ය තැන්පතු වර්ගය, කාල සීමාව, පොළිය ලබා ගැනීමේ ආකාරය හා ගිණුම් තොරතුරු ඇතුලත් කරන්න.
4. තැන්පතු මුදල යොදන්න (රුපියල් 5000ක් හෝ ඊට වැඩි).
5. පොළිය එකතු වීමට අවශ්‍ය ගිණුම් අංකය ඇතුලත් කරන්න.
6. නියමයන් සහ කොන්දේසි කියවා, එයට එකඟ බවට තහවුරු කරන්න.
7. ඔබගේ රහස්‍ය අංකය ඇතුලත් කරන්න. තැන්පතුව තහවුරු කර ගැනීමට ඔබගේ දුරකතනයට කෙටි පණිවිඩයක් හා විද්‍යුත් පණිවිඩයක් ලැබෙනු ඇත.

 

පොළී අනුපාත

කාල සීමාව මාසික පොලිය කල්පිරීමේදී පොලිය වා.ස.පො. මාසිකව වා.ස.පො. කල්පිරීමේදී
මාස 1 8.00% 8.30%
මාස 3 8.25% 8.75% 8.57% 9.04%
මාස 6 8.50% 9.25% 8.84% 9.46%
මාස 12 9.00% 9.50% 9.38% 9.50%
මාස 18 9.00% 10.50% 9.38% 9.77%
මාස 24 9.00% 10.00% 9.38% 9.54%
මාස 36 9.00% 10.50% 9.38% 9.56%
මාස 48 9.00% 11.00% 9.38% 9.54%
මාස 60 9.00% 11.00% 9.38% 9.16%

 

ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා

 

කාල සීමාව මාසික පොලිය කල්පිරීමේදී පොලිය වා.ස.පො. මාසිකව වා.ස.පො. කල්පිරීමේදී
මාස 1 8.00% 8.30%
මාස 3 8.25% 8.75% 8.57% 9.04%
මාස 6 8.50% 9.25% 8.84% 9.46%
මාස 12 9.00% 9.50% 9.38% 9.50%
මාස 18 9.00% 10.00% 9.38% 9.77%
මාස 24 9.00% 10.00% 9.38% 9.54%
මාස 36 9.00% 10.50% 9.38% 9.56%
මාස 48 9.00% 11.00% 9.38% 9.54%
මාස 60 9.00% 11.00% 9.38% 9.16%

 

වැඩිදුර විමසීම්

කඩිනමින් ඔබව සම්බන්ධ කර ගැනීම සඳහා පහත තොරතුරු ඇතුළත් කරන්න.






* Mandatory filed.

 

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (Ika), Outlook Stable – Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.