CDB ආන්තික වෙළෙඳ පහසුකම්

CDB ආන්තික වෙළෙඳ පහසුකම යනු ඔබේ සැබෑ මූල්‍ය හැකියාව ද ඉක්මවා යමින් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොටස් මිලදී ගැනීම සඳහා ලබාදෙන ආකර්ෂණීය ණය පහසුකමකි. අපගේ වේගවත් මූල්‍ය සේවාව සමඟ ඔබට ඉහළ ආයෝජන ප්‍රතිලාභයක් ලැබෙනු ඇත.

ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

  • කොටස් ආයෝජන කළඹ පුළුල් කරගැනීමේ හැකියාව
  • ආයෝජන අවස්ථා විවිධාංගීකරණය කිරීමේ හැකියාව
  • තරගකාරී පොලී අනුපාත
  • ආන්තික වෙළෙඳ තත්ත්වය පිළිබඳ දෛනික තොරතුරු
  • සුපිරි පාරිභෝගික සේවාව
  • සියලුම අවශ්‍ය ලියකියවිලි කටයුතු සඳහා සම්බන්ධීකරණය

කා සඳහා ද?

  • ඕනෑම තනි පුද්ගල ආයෝජකයෙකුට සහ ආයතනික ආයෝජකයින්ට ආන්තික වෙළෙඳ පහසුකම ලබාගත හැක.

සැලකිය යුතුයි : අවම ආයෝජන කළඹ අවශ්‍යතාවය රු. 400,000 කි

වෙළෙඳ ගනුදෙනු ආරම්භ කිරීමේ පියවර මොනවාද?

1.අවශ්‍ය ලියකියවිලි සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය භාරදීම
2.ආයෝජන කළඹ ඇගයීම සහ ණය සීමාව ප්‍රදානය කිරීම
3.ආන්තික වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම
4.ආන්තික වෙළෙඳ ගිවිසුම විවෘත කිරීම
5.සුරැකුම්පත් හා විනිමිය කොමිසමේ (SEC) අනුමැතිය ලබාගැනීම
6.ණය මුදල ප්‍රේෂණය කිරීම
7.ගනුදෙනු ඇරඹීම

අවශ්‍ය ලියකියවිලි මොනවාද?

තනි පුද්ගල ආයෝජකයින් සඳහා

  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • තැරැව්කරුගෙන් ලබාගත් ආයෝජන කළඹෙහි තක්සේරුව
  • බිල්පතක් (උදා.: මාස තුනක් තුළ ලැබුණු විදුලි/ජල හෝ දුරකථන බිල්පතක්)
  • තනි පුද්ගල KYC පෝරමය

ආයතනික ආයෝජකයින් සඳහා

  • සංස්ථාපිත සහතිකයේ සහතික කරන ලද පිටපතක්
  • සංස්ථාපිත සහතිකයේ සහතික කරන ලද පිටපතක්
  • සංස්ථාපිත සහතිකයේ සහතික කරන ලද පිටපතක්
  • ආන්තික වෙළෙඳ ගිණුමක් විවෘත කිරීම සඳහා සිදුකළ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවේ සහතික කරන ලද පිටපතක්
  • අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම්පත්වල සහතික කරන ලද පිටපත්
  • සහතික කළ තැරැව්කරුගෙන් ලද ආයෝජන කළඹ
  • ප්‍රධාන කොටස්හිමියන් 10 දෙනාගේ ලැයිස්තුවේ සහතික කරන ලද පිටපතක්

 

*කොන්දේසි සහ නියමයන් අදාළ වේ