CDB ධන සුරැකුම්

බලාපොරොත්තු සහ සිහින සැබෑ කරගැනීම සෑම විටම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත්, විශිෂ්ට හා වඩාත් නව්‍ය මූල්‍ය විසඳුම් සැපයීමෙන් ඔබේ අභිලාෂයන් ඉටු කරදීම CDB හි සතුටයි. බලාපොරොත්තු හා සිහින ළඟා කරගැනීම සඳහා ගමන් මඟේ ඔබට උපකාර වන මූල්‍යමය තීරණ ගැනීමට ඔබට බලය ලබා දී CDB ධන සුරැකුම් ස්ථාවර තැන්පතු, එම ගමනේදී ඔබට උපකාර වන මූල්‍යමය තීරණ ගැනීමට ඔබව සවිබලගන්වයි.  

ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

  • ආකර්ශනීය පොලී අනුපාත
  • මාසික ආදායම උපයන්න අවස්ථාවක්
  • ප්‍රාග්ධනය සඳහා උපයෝජිත පොලී එකතු කිරීම හෝ ප්‍රාග්ධනය පමණක් අලුත් කිරීම මගින් කල් පිරීමේදී කල් අලුත් කිරීම සඳහා විකල්ප ලබා දීම
  • පොලී , මාසික, කාර්තුමය, ද්විවාර්ෂික, වාර්ෂිකව, හෝ කල්පිරීමේදී ලැබීමේ හකියාව
  • මුදල් අනුග්‍රාහිත ණය
  • ඉතුරුම් ගිණුම්, ණය පහසුකම් සහ ලීසිං පහසුකම වැනි වෙනත් මූල්‍ය සේවාවන් සඳහා පහසු ප්‍රවේශය
  • Door-step සේවාව සඳහා ප්රවේශය
  • CDBiNet අන්තර්ජාල මූල්‍ය වේදිකාවට ප්‍රවේශය

සුදුසුකම් ඇත්තේ කාහටද?

  • වයස අවුරුදු 18 ඉක්ම වූ ශ්‍රී ලංකාවේ පදිංචි ඕනෑම පුද්ගලයෙකුට ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කළ හැක

ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?

  • දිවයින පුරා පිහිටි අප ශාඛාවන් වෙත පැමිණ ඔබට ධන සුරැකුම් ගිණුමක් විවෘත කළ හැක
  • CDB ගනුදෙනුකරුවන්ට ස්ථාවර තැන්පතු www.cdbinet.lk හරහාද විවෘත කළ හැක

*කොන්දේසි සහ නියමයන් අදාළ වේ