CDB රැකියා අවස්ථා

CDB සමාගමේ සාර්ථකත්වය රඳා පවතිනුයේ එහි 1600 කට අධික කාර්ය මණ්ඩලයේ උනන්දුව හා කැපවීම මත බව අපගේ විශ්වාසයයි. ජයග්‍රාහී ආකල්ප මුල්කරගෙන සාර්ථකත්වය කරා ගමන් කළ හැකි සාධනීය රැකියා පරිසරයක් තුළ රාජකාරි කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත.

ඉගෙනුම, සහයෝගීත්වය, විවිධත්වය, පුද්ගල සංවර්ධනය සහ පරිවර්තනය යන ගුණාංග ඇතුළත් රැකියා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් යොමුකරවන මානව සම්පත් සංවර්ධන විධිවිධාන ක්‍රියාවට නැංවීමට අපි සෑම පිටම පියවර ගෙන ඇත්තෙමු.

 

CDB රැකියා සංස්කෘතිය

CDB ආයතනය තුළ එහි කාර්ය මණ්ඩලය දිරිමත් කරන රැකියා සංස්කෘතියක් පවත්වාගෙන යන අතර, අපගේ අරමුණ වන “බලගැන්වීමේ අභිලාෂයන්” සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ඔවුන් යොමු කරවන්නෙමු. මෙම උත්සාහය තුළදී නොපසුබස්නා වීර්යය, සංවේදීත්වය, විශ්වාසනීයත්වය සහ නව්‍යකරණය යන ගුණාංග හතරට ප්‍රමුඛත්වය හිමි වේ.

perseverance

අපගේ කණ්ඩායමේ උද්යෝගය සහ නොපසුබස්නා වීර්යය නිසා ක්ෂේත්‍රය තුළ ඉදිරියටම පැමිණීමට අපට හැකි වී ඇති අතර, අදටත් අපගේ ගාමක බලවේගය වන්නේ එයයි.

empathy

වඩාත් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් අපගේ පාර්ශ්වකරුවන්ගේ අභිලාෂයන් සවිබල ගන්වන අතරම ඔවුන්ගේ යහපැවැත්ම පිළිබඳව අපි නිරතුරුව සැලකිලිමත් වන්නෙමු. අපගේ ආරම්භය අප කිසිදා අමතක නොකළ අතර, අපගේ සෑම කටයුත්තකදීම අපි නිහතමානීව කටයුතු කරන්නෙමු.

reliable

ගෞරවණීය, වගකීම් සහගත, සමාජීය සහ පරිසර හිතකාමී, මහජන තැන්පතු ලබා ගන්නා ආයතනික පුරවැසියෙකු වන අතරම, අපගේ සියලුම ගනුදෙනු වලදී විවෘත හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරමින්, අපගේ පාර්ශ්වකරුවන්ගේ වඩාත්ම විශ්වාසදායක හවුල්කරු වීමට අපි උත්සාහ කරන්නෙමු.

innovation

අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවක් ලබාදීම සඳහා අපි නිරන්තරයෙන් නව්‍යකරණයෙහි නිරත වන්නෙමු. සාම්ප්‍රදායික සීමා මායිම්වලින් ඔබ්බට සිතීම, වෙනස්කම් වැළඳගැනීම සහ අපගේ සියලු පාර්ශ්වකරුවන්ගේ අභිලාෂයන් සවිබල ගැන්වීම සඳහා නිර්මාණශීලී ක්‍රමවේදයන් ගවේෂණය කිරීම යනාදිය සඳහා අපගේ පිටුබලය හිමි වේ.

 

සමානාත්මතාව හා විවිධත්වය

අපගේ ව්‍යාපාරයේ සෑම අංශයකදීම සමානාත්මතාවට හා විවිධත්වයට ප්‍රමුඛත්වය හිමි වේ. විවිධත්වයෙන් සපිරි කණ්ඩායමක් සිටීම යනු අපගේ උපරිමය ළඟා කරගැනීමට මහෝපකාරී වන සාධකයක් බව අපගේ විශ්වාසයයි. වෙනස්කොට සැලකීම් වලට එරෙහි වීම සම්බන්ධ අපගේ ප්‍රතිපත්තිය මගින් සෑම සේවකයෙකුටම/ සේවිකාවකටම ආයතනය තුළ සමානව හා ගෞරවයෙන් යුතුව සලකනු ලබන බවට සහතික කරයි. ඇබෑර්තු පිරවීම්, උසස්වීම් සහ රැකියාව ස්ථිර කිරීම් වලදී හුදෙක් දක්ෂතා සහ ජයග්‍රහණ සඳහා පමණක් ප්‍රමුඛත්වය ලබාදෙනු ලැබේ.

 

CDB ආයතනය තුළ රැකියාව කළ යුත්තේ ඇයි?

සෞඛ්‍ය ප්‍රතිලාභ

  • සේවක සේවිකාවන් රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමේදී රෝහල් ගාස්තු ප්‍රතිපූරණය කිරීම
  • බාහිර රෝගී ප්‍රතිකාර වියදම් ප්‍රතිපූරණය කිරීම
  • CDB කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා වෙනුවෙන් සමූහ රක්ෂණ ආවරණයක්

මූල්‍ය සහය

  • විශේෂ පොලී අනුපාත සහිතව නිවාස ණය, රථවාහන ණය සහ පෞද්ගලික ණය ඇතුළුව කාර්ය මණ්ඩලය සඳහා වූ විවිධ ණය යෝජනා ක්‍රම
  • ඉන්ධන, ගමනාගමන සහ ඉඳුම් හිටුම් දීමනා
  • ඵලදායීතාව සහ ලාභය අනුව ප්‍රසාද දීමනා

අධ්‍යාපන ප්‍රතිලාභ

  • වෘත්තීය සමාජිකත්ව සහ විභාග ගාස්තු ප්‍රතිපූරණය
  • වෘත්තීය විභාග හෝ සුදුසුකම් සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෞරව දීමනාවක්
  • ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩල පුස්තකාල පහසුකම්
  • කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට අන්තර්ජාල සේවාවන් එකතුවක් සමග විද්‍යුත් ඉගෙනුම් පහසුකම්

 

CDB හි ජීවිතය

තෘප්තිමත් වෘත්තීය ජීවිතයක් තුළින් ආයතනයේ දියුණුව වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදීමට කාර්ය මණ්ඩලය නිතැතින්ම යොමුකරවන පරිසරයක් අපි ආයතනය තුළ පවත්වාගෙන යන්නෙමු.

අප සේවක දායකත්වය ක්‍රමෝපායික ප්‍රමුඛත්වයක් ලෙස සලකන අතර අපගේ සේවක සේවිකාවන්ට දිනපතා රාජකාරියට පැමිණීමට ප්‍රිය උපදවන ආකාරයේ විවෘත, ආතතියෙන් තොර රැකියා පරිසරයක් අප නිර්මාණය කර ඇත.

 

කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන්

CDBමූල්‍ය වර්ෂයේ ආරම්භය
CDB Infinity Awards 2019CDB වාර්ෂික සම්මාන උළෙල
Fantasy Fiesta - CDB Get Together 2018වාර්ෂික කාර්යමණ්ඩල හමුව
Wesak Bhakti Geeවෙසක් භක්ති ගී
CDB Carols 2018CDB නත්තල් කැරොල්
CDB ක්‍රීඩා දිනය

 

CDB සමාජ

 

  • ටෝස්ට්මාස්ටර්ස් සමාජය
  • විවාද සමාජය
  • ග්‍රීන් නින්ජා සමාජය
  • සුභසාධක සමාජය

 

CDB ආයතනය තුළ ක්‍රීඩා

පුහුණුවීම් සහ තරගාවලි සඳහා සහභාගී වන විට නම්‍යශීලී රාජකාරි වේලාවන් සමග ආහාර හා නවාතැන් සඳහා විශේෂ දීමනා ආදිය ලබා දීම තුළින් අපි අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්නෙමු. ක්‍රීඩාවන්හි යෙදීම මගින් ආයතනයේ ප්‍රගතියට ඉහළ දායකත්වයක් ලබාදෙන කාර්ය මණ්ඩලයක් නිර්මාණය වන අතර, ආයතනික සංස්කෘතිය පොහොසත් වීමද සිදුවේ.
 

 

CDB ක්‍රීඩා කණ්ඩායම්

  • මළල ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • පැසිපන්දු
  • ක්‍රිකට්
  • දැල් පන්දු
  • රග්බි
  • ටේබල් ටෙනිස්
  • වොලිබෝල්

 

පහසුකම්

කාර්ය මණ්ඩලයේ කායික හා මානසික යහපැවැත්ම සඳහා අවශ්‍ය පහසුකම් රාශියක් ස්ථාපිත කිරීමට අප පියවර ගෙන ඇත.

  • CDB ව්‍යායාම මධ්‍යස්ථානය
  • කාර්ය මණ්ඩල පුස්තකාලය
  • CDB විද්‍යුත් ඉගෙනුම් පදනම

 
අප හා එක්වන්න
CDB සමග එක්වී දියුණුව කරා යාමට අවශ්‍ය සුදුසුකම් ඔබ සතුද?

දැනට පවතින ඇබෑර්තු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.