CDB Visa Debit Card

මුදල් භාවිතයෙන් ඈත් වී ඔබේ CDB වීසා ඩෙබිට් කාඩ්පතේ පහසුව අත්විඳින්න. ‘චිප්’ තාක්ෂණයෙන් බලගැන්වී තිබෙන CDB වීසා ඩෙබිට් කාඩ්පත මගින් ඔබේ සෑම ගනුදෙනුවක්ම වඩාත් ආරක්ෂිත කරනු ඇත. ඔබේ ඉතුරුම් ගිණුම හා සම්බන්ධ කර ඇති මෙම කාඩ්පත ඔබට ලංකාව තුළ මෙන් විදේශ රටකදී වුව භාවිතා කළ හැක. එය ඔබේ වියදම් කළමනාකරණයට උපකාර වන අතරම, ඔබට සංචාරය කරද්දී මුදල් රැගෙන යාමේ කරදරයෙන් ද මිදීමට පුළුවන. එපමණක් නොව, වසර පුරා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන විශේෂ ප්‍රවර්ධන සහ දීමනා භුක්ති විඳීමට ද ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

CDB වීසා ඩෙබිට් කාඩ්පතින් ඔබට හිමිවන ප්‍රතිලාභ මොනවාද?

CDB වීසා ඩෙබිට් කාඩ්පතක් සඳහා අයදුම් කළ හැක්කේ කා හට ද?

මගේ කාඩ්පත සක්‍රීය කරගන්නේ කෙසේද?

ඔබේ ඩෙබිට් කාඩ්පත සක්‍රීය කරගැනීම සඳහා,

  • ඔබේ PIN අංකය සමඟ ඕනෑම CDB හෝ කොමර්ෂල් ATM යන්ත්‍රයකින් කාඩ්පත භාවිත කරන්න
  • නැතහොත්, CDB 24 x 7 දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න (011 7 388 399)

කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

ගාස්තු මොනවාද?

නව ඩෙබිට් කාඩ්පත Rs. 500.00
එම්බෝසින් ඩෙබිට් කාර්ඩ් නම් කිරීමට Rs. 750.00
ආදේශන (replacement) කාඩ්පත Rs. 500.00
වාර්ෂික ගාස්තුව Rs. 400.00
PIN ආදේශනය/නැවත ලබාගැනීම Rs. 200.00
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගාස්තු (CDB/කොමර්ෂල් බැංකු)
මුදල් ලබාගැනීම (එක් ගනුදෙනු වාරයක් සඳහා) Rs. 5.00
ශේෂය පරික්ෂා කිරීම (එක් ගනුදෙනු වාරයක් සඳහා) Rs. 10.00
මුදල් යවීම Rs. 15.00
සාරාංශ ප්‍රකාශන ලබාගැනීම (එක් ගනුදෙනු වාරයක් සඳහා) Rs. 10.00
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගාස්තු (වෙනත් බැංකු)
මුදල් ලබාගැනීම (එක් ගනුදෙනු වාරයක් සඳහා) Rs. 75.00
ශේෂය පරික්ෂා කිරීම (එක් ගනුදෙනු වාරයක් සඳහා) Rs. 50.00

 

ජාත්‍යන්තර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගාස්තු

මුදල් ලබාගැනීම (එක් ගනුදෙනු වාරයක් සඳහා) Rs. 1000.00 ශේෂය පරික්ෂා කිරීම (එක් ගනුදෙනු වාරයක් සඳහා) Rs. 150.00

 

ජාත්‍යන්තර ගනුදෙනු සීමාවන්

CDB ඩෙබිට් කාඩ්පත් මත උපරිම සතිපතා විදේශ ගනුදෙනු (POS සහ ඊ-වාණිජ්‍යය) එක් කාඩ්පතකට රුපියල් 400,000 දක්වා සීමා කර ඇත. එක් දිනකට POS සහ ඊ-වාණිජ්‍යය මත රුපියල් 200,000 දක්වා සහ දිනකට සහ සතිපතා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ආපසු ගැනීමේ සීමාව රුපියල් 200,000 දක්වා සීමා වේ. සඳහන් කර ඇති සීමාවන් සඳහා වෙළඳ ප්‍රවර්ග බැහැර කිරීම් කිසිවක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ඩෙබිට් කාඩ්පත් මගින් සිදුකරන සියලුම විදේශ මුදල් ගනුදෙනු ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කරනු ලබන්නේ ගෙවීම් ක්‍රම (වීසා) මගින් තීරණය කරනු ලබන විනිමය අනුපාතිකය අනුව වන අතර පියවීමේ දිනයේදී අමතර 3.5%ක් විනිමය අනුපාතිකයට එකතු වේ.