පැමිණිලි සහ දුක් ගැනවිලි

CDB කාර්‍යමණ්ඩලය ඔබට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමට පුහුණු කර ඇති අතර, ඔබගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන,කඩිනම් සහ නිරවුල් සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුව වේ.

ඔබට අපගේ සේවාවන් පිලිඹදව යම් ගැටළුවක් පවතින්නේ නම්, ඒ පිළිඹදව 0117 388 388 ඔස්සේ අපගේ ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය අමතා හෝ customercare@cdb.lk වෙත විද්‍යුත් තැපෑලෙන් දැනුම්දිය හැකි අතර (කරුණාකර ඔබගේ ජංගම දුරකථන සහ ජාතික හැඳුනුම්පත් අංක සඳහන් කරන්න) ඔබගේ ගැටළුවට හැකි ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට අපි කටයුතු කරන්නෙමු.

ඉහත සේවාව ඔස්සේ ඔබගේ අවශ්‍යතාවයන් සපුරාගත නොහැකි වූ විට අපගේ මූල්‍ය ඔම්බුඩ්ස්මන් හරහා විසඳුම් ලබාගත හැකිය. පාරිභෝගික ඔබ හා මූල්‍යආයතන අතර පවතින ගැටළු විසඳීමේ බලතලප්‍රකාරව සහ ඔම්බුඩ්ස්මන් යෝජනා ක්‍රම යටතේ ඔබගේ ගැටළුව විසඳීමට අපගේ මූල්‍ය ඔම්බුඩ්ස්මන් බැඳීසිටිනබව කාරුණිකව දැනුම්දෙන්නෙමු.

අපගේ මූල්‍ය ඔම්බුඩ්ස්මන්: ආනන්ද කුමාරදාස මහතා
කාර්‍යාලීය ලිපිනය: 43/A, වජිර පාර, කොළඹ 05

දුරකථන අංකය: +94 11 259 5624
ෆැක්ස්: +94 11 259 5625
විද්‍යුත් ලිපිනය: fosril@sltnet.lk

වැඩිදුර විස්තර www.financialombudsman.lk