CDB තිරසාරත්ව වැඩසටහන්

තිරසාර රාජකාරි පිළිවෙත් යනු CDB ව්‍යාපාර ක්‍රමෝපායේ ප්‍රමුඛතම අංගයකි. සමාජයේ පුළුල් පරාසයක් ආවරණය කරන ගනුදෙනුකරුවන් සහිත මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වශයෙන්, අපගේ හවුල්කරුවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම, පරිසරය සුරැකීම සහ ප්‍රජාවන් නගාසිටුවීම යන ප්‍රධාන අංග තුන කෙරෙහි අපගේ තිරසාරත්ව වැඩපිළිවෙළ තුළ මූලික වශයෙන් අවධානය යොමු වේ.

CDB තිරසාරත්ව පදනම සකස් වී ඇත්තේ, මිනිසුන්, ලාභ සහ පරිසරය යන පැතිමානයන් තුනට මුල්තැන දෙමින්, සමාජ අන්තර්කරණය, සම්පත් කාර්යක්ෂමතාව සහ අවම කාබන් වර්ධනය යන ඉලක්ක වෙනුවෙන් කැපවීම මුල්කර ගනිමිනි.

අපගේ ආයතනයේ සියලුම අංශ සහ සියලුම රාජකාරි පිළිවෙත් තුළ සමාජ, පාරිසරික සහ ආර්ථික යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබාදීම තුළින් නිර්මාණය කරගත් තිරසාරත්ව ක්‍රමෝපායන් සහ ප්‍රමුඛතාවන් අපගේ තිරසාරත්ව දර්ශනය ඉහළට ඔසවා තැබීමට ඉවහල් වී ඇත. ජීවන තත්ත්වය නගාසිටුවීම දිරිගැන්වීම, දැනුම හුවමාරු කරගැනීම සහ නායකයන් ලෙස කටයුතු කිරීමට හැකිවන ආකාරයට වර්ධන අවස්ථා උදාකර දීම තුළින් ප්‍රජා මූලික තිරසාරත්වය සඳහා ආදර්ශයක් වීම අපගේ ඉලක්කය වේ. අපගේ එකිනෙකට වෙනස් සේවාදායක ප්‍රජාවන් අනුව අපගේ ව්‍යාපාර ආකෘතිය ‘නාගරික මූල්‍ය සම්පාදනය සහ ග්‍රාමීය ණය දීම්’ ඒකාබද්ධ කරයි. මෙම ආකෘතිය තිරසාරත්ව ක්‍රමවේදයන් සමග සම්බන්ධ කරමින් ජනතාවගේ ජීවිත සරුසාර කරන අතරම, බිම් මට්ටමේ ශුද්ධ ණය සම්පාදකයෙකු වීම තුළින් මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් බවට පත්වීමට අපි කටයුතු කරන්නෙමු. ආර්ථික වටිනාකම් එක්කරමින් ශක්තිමත් මූල්‍ය පදනමක් සඳහා අත්වැලක් වන සමබර ව්‍යාපාර ආකෘතියක් පවත්වාගෙන යාම අපගේ ඉලක්කය වේ. මේ සුවිශේෂී මෙහෙවර ඔස්සේ, වඩාත් නිරෝගී ප්‍රජාවන් නිර්මාණය කිරීමට මෙන්ම ආර්ථික හා සමාජයීය දියුණුව, ඵලදායී සම්බන්ධතා සහ නවෝත්පාදනය දිරිගන්වන පරිසරයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබෙනු ඇත.

Business-model

තිරසාරත්ව අවධානය

මිනිසුන්, ලාභය සහ පරිසරය යන මානයන් තුන ඔස්සේ වටිනාකම් නිර්මාණය කරමින් සමාජ අන්තර්කරණය, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සහ කාබන් වර්ධනය මුළුමනින්ම නැවැත්වීම සඳහා කැපවීම

 

තිරසාර ක්‍රමෝපාය

අපගේ තිරසාර ක්‍රමෝපාය, අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඉහළම තලයේ වටිනාකම් නිර්මාණය කරන අතරම, අපගේ පාරිසරික පියසටහන අඩු කිරීම, පාලනයේ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරයි.

 

තිරසාරත්ව මෙහෙයුම් කමිටුව

අපගේ තිරසාරත්ව කමිටුව, සමාගමේ තිරසාරත්ව න්‍යාය පත්‍රය අධීක්ෂණය කරන අතර, එහි පාලන සහ සුපරීක්ෂණ කටයුතු සඳහාද සහයෝගය ලබාදෙයි. අපි අපගේ ව්‍යාපාර කටයුතු සාධාරණ හා වගකීම් සහගත ලෙස සිදු කරන අතර පාරිභෝගිකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීමට නිසි පියවර ගන්නෙමු. අල්ලස සහ දූෂණය ඇතුළුව මූල්‍ය අපරාධ සඳහා අප ආයතනය තුළ කිසිදු ඉඩක් නැත. එමෙන්ම අපගේ තිරසාරත්ව කැපවීමෙහි කොටසක් වශයෙන්, වගකීම් සහගත මූල්‍ය සේවාවක් සඳහා අප කැපවී සිටින අතර, සියලු දෙනාට මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදීම සඳහා කටයුතු කරන්නෙමු.

 

සමාජ තිරසාරත්වය

සමාජ වටිනාකම් නිර්මාණය කිරීම සඳහා වන අපගේ උත්සාහය අප තිරසාරත්ව සංවර්ධනයේ විශිෂ්ටතම ක්‍රමවේදයන් කරා රැගෙන යන අතර, අපගේ සාමාජික සාමාජිකාවන් සහ ගනුදෙනුකරුවන් නිරන්තරයෙන් සවිබල ගැන්වීමට එය අපට උපකාරී වෙයි. අපගේ වටිනා ව්‍යාපරික හවුල්කරුවන්ද මේ ඉදිරි ගමනට සම්බන්ධ කරගැනීම මගින්, ඔවුන්ට පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වලට සංවේදී වෙමින් සහ ප්‍රජාවන්ගේ සංවර්ධනයට උරදෙමින් තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවස්ථාව ලැබේ.

IG-social-lite

දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම – Act Early for Autism

දරුවන්ගේ අධ්‍යාපනය හා සාක්ෂරතාව – CDB පරිගණක පියස, CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන

ඩිජිටල් තාක්ෂණික ව්‍යවසායකත්ව සහය – CDB SMB Friday

කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා වැඩසටහන් – CDB හිතවත්කම්

 

Act Early for Autism

CDB සමාගම සහ ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්වී ඕටිසම් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි. මේ යටතේ CDB සමාගම, ආරම්භ කරන සෑම නව ව්‍යාපාර අවස්ථාවක් වෙනුවෙන්ම ඔටිසම් අරමුදල් භාරය හරහා රු. 100 ක මුදලක් මෙම සත්කාරයට බැරකරයි. මෙම දීපව්‍යාප්ත වැඩසටහන, දරුවන් තුළ ඔටිසම් තත්ත්වය කල්තබා හඳුනා ගැනීමේ අවස්ථාවන් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන අතර, එසේ කිරීම මගින් ඔටිසම් තත්ත්වය නිසා දරුවන්ගේ ජීවිත වලට ඇතිවන බලපෑම අවම කළ හැකි වේ. කල්තබා හඳුනා ගැනීම සහ ඔටිසම් තත්ත්වය පිළිබඳ වැඩි පිරිසක් දැනුවත් කිරීම මගින් මෙම තත්ත්වය පහසුවෙන් කළමනාකරණය කරගත හැක. සමාජය තුළ ඔටිසම් පිළිබඳ දැනුම වර්ධනය කිරීම මගින්, දරුවන් තුළ එම තත්ත්වය කල්තබා හඳුනා ගැනීම වඩාත් පහසු වේ.

Autism-mixed

ව්‍යාපෘතියේ දෙවැනි අදියර වශයෙන්, අපගේ ගනුදෙනුකරුවන් හා මහජනතාව සම්බන්ධ කරගනිමින් ඔටිසම් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජංගම සායන පවත්වන ලදි. ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය විසින් පිඹුර සහ රත්නපුර යන ප්‍රදේශ වල වැඩසටහන් දෙක සංවිධානය කරන ලද අතර ඒ සඳහා ඔටිසම් භාරකාර අරමුදලේ මූල්‍ය දායකත්වය ලැබිණි.  එමෙන්ම ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය සමග එක්වී පෝස්ටර් වැඩසටහනක්ද දියත් කරන ලද අතර, ඔටිසම් භාරකාර අරමුදල සමග එක්වී අම්පාර මහ රෝහලට ‘සංවර්ධන සංවේදක ඒකකයක්’ (Development Sensory Unit) ලබාදෙන ලදි. මීට අමතරව 2019 වසරේදී අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ ‘ප්‍රගති’ නමින් අතිනවීන ළමා මැදිහත්වීම් මධ්‍යස්ථානයක් (Children’s Intervention Center) විවෘත කෙරිණි.

 

CDB සුහුරු : පරිගණක විද්‍යාගාරය

සිය 11 වැනි පරිත්‍යාගය වශයෙන් CDB විසින් 2017/18 මූල්‍ය වර්ෂය තුළදී සබරමුව පළාතේ කුරුවිට දෙවිපහල ප්‍රදේශයේ පිහිටි ර/ශ්‍රී සරණජෝති තිස්ස විද්‍යාලයට රු. මිලියන 1.5 ක වියදමකින් ‘සුහුරු පන්ති කාමරයක්’ ලබාදෙන ලදි. පසුගිය දශකයක කාලය තුළ අප විසින් ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ පරපුරේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කරමින් ඔවුන් අනාගතයට සූදානම් කරවීම සඳහා දිවයිනේ තවත් දුෂ්කර පාසල් 10 කට තොරතුරු තාක්ෂණ විද්‍යාගාර පරිත්‍යාග කර තිබේ. මෙම මෙහෙවර වෙනුවෙන් සුදුසු පාසල් තෝරාගැනීම සඳහා අපි අධ්‍යාපන අමාත්‍යාංශය සහ කලාපීය අධ්‍යාපන නිලධාරීන් සමග එක්ව කටයුතු කරන්නෙමු. ඉන් අනතුරුව අදාළ පාසල් වෙත ගොස් විධිමත් හා අපක්ෂපාතී තක්සේරුවක් සිදුකරනු ලැබේ.

Picture3

මෙම ක්‍රියාවලිය ඔස්සේ තෝරාගනු ලබන පාසල් වලට බලපත්‍ර හිමි මෘදුකාංග සහිත අලුත්ම පරිගණක, පරිගණක මේස, පුටු, ස්කෑනර්, මුද්‍රණ යන්ත්‍ර සහ බහුමාධ්‍ය පහසුකම් සහිත නවතම, අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර ලබාදීම සිදුකෙරේ.

CDB Smart Computer Lab 2022 – අටබාගේ උඩගම මහා විද්‍යාලය හා කුරුවිතැන්න මහා විද්‍යාලය

CDB Smart Computer Lab 2020 – කොළොන්නාව ශාන්ත ජෝසප් විද්‍යාලය

CDB Smart Computer Lab (2019) – බප/කළු/ මියුසියස් විද්‍යාලය කළුතර

CDB පරිගණක පියස 2018 – කුරුවිට ශ්‍රී සරණජෝති තිස්ස විද්‍යාලය

CDB පරිගණක පියස 2017 – කෙහෙල්පන්නල කනිෂ්ඨ විද්‍යාලය

CDB පරිගණක පියස 2016 – මොණරාගල ලගිනාගල කනිෂ්ඨ විද්‍යාලය

CDB පරිගණක පියස 2015 – මදුරන්කුලිය කඩයමොට්ටේ සිංහල විද්‍යාලය

CDB පරිගණක පියස 2014 – කඳපොල මහින්ද මහා විද්‍යාලය

CDB පරිගණක පියස 2013 – කුරුණෑගල තෝරයාය ස්වර්ණ ප්‍රදීප විද්‍යාලය

CDB පරිගණක පියස 2012 – අනුරාධපුර වැලිඔය ඇතාවැටුණුවැව විද්‍යාලය

CDB පරිගණක පියස 2011 – යාපනය නාවත්කුලි මහ විද්‍යාලය

CDB පරිගණක පියස 2009 – තිස්සමහාරාමය නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලය

 

CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන

අඛණ්ඩව 11 වන වරටත් CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන හරහා CDB සිසුදිරි පදනම මගින්, 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ  දී ඉහළම ප්‍රතිඵල පෙන්නුම් කළ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමන ලදි. මූලික වශයෙන් ත්‍රිරෝද රථ රියදුරන්ගේ පවුල් වල දරුවන් ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් මේ සඳහා වාර්ෂිකව තෝරාගනු ලැබේ. විනිවිදභාවයෙන් යුතුව අපක්ෂපාතී ක්‍රියාවලියක් ඔස්සේ තෝරාගනු ලබන මෙම දරුවන්ට, අ.පො.ස. උසස් පෙළ විභාගය දක්වා වාර්ෂිකව රු. 10,000/- බැගින් පිරිනමනු ලබයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා දක්වන දරුවන්ට අ.පො.ස. උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් වාර්ෂිකව රු. 15,000/- බැගින් හිමි වේ.

Sisudiri-group

CDB සිසුදිරි 14 වන අදියර

CDB සිසුදිරි 13 වන අදියර

CDB සිසුදිරි 12 වන අදියර

CDB සිසුදිරි 11 වන අදියර

CDB සිසුදිරි 10 වන අදියර

CDB සිසුදිරි 9 වන අදියර

CDB සිසුදිරි 8 වන අදියර

CDB සිසුදිරි 7 වන අදියර

CDB සිසුදිරි 6 වන අදියර

CDB සිසුදිරි 5 වන අදියර

CDB සිසුදිරි 4 වන අදියර

CDB සිසුදිරි 3 වන අදියර

CDB සිසුදිරි 2 වන අදියර

CDB සිසුදිරි 1 වන අදියර

 

CDB SMB Friday වැඩසටහන

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන දියත් කරන ලදි. අපගේ ආයතනික වෙබ් අඩවිය හරහා, සමාජ මාධ්‍ය තුළ මෙම වැදගත් ව්‍යාපාර කාණ්ඩය සම්බන්ධයෙන් වැඩි පිරිසක් දැනුවත් කිරීම මෙහි අරමුණයි. මෙමගින් එම ව්‍යවසායකයන්ට අපගේ වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත්, තම ව්‍යාපාර ප්‍රවර්ධනය කරගැනීමටත්, වෙබ් අඩවිය සමග සම්බන්ධ වීම සඳහා වෙනත් ව්‍යවසායකයන්ට ආරාධනා කිරීමටත් අවස්ථාව ලැබී ඇත.

CDB-SMB-Friday-logo

CDB SMB Friday පිටුවට පිවිසීමට මෙතැන ක්ලික් කරන්න.

 

CDB හිතවත්කම්’

අපගේ ව්‍යාපාර කටයුතු වල දී අප සමග සම්බන්ධ වන සහ අප විසින් සවිබල ගන්වනු ලබන ප්‍රජාවන් සමග විශ්වාසය තහවුරු කරගැනීමටත් පවත්වා ගැනීමටත් අපි සෑම විටම උත්සාහ කරන්නෙමු. අභියෝග වලට ඔරොත්තු දිය හැකි, සෞඛ්‍ය සම්පන්න හා තිරසාර ප්‍රජාවන් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි.

අපගේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් වලට දායකත්වය ලබාදීම සඳහා අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ස්වේච්චාවෙන්, ඉමහත් උද්‍යෝගයෙන් යුතුව ඉදිරිපත් වෙති. අපගේ ව්‍යාපාර කටයුතු සිදුකරන සෑම ප්‍රදේශයකම තිරසාර නියෝජිතයන් යෙදවීම ඔස්සේ අපගේ සමාගමේ මූලික වටිනාකම් වලට සමගාමී තිරසාර වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අපට හැකියාව ලැබී ඇත.

 

තිරසාරත්ව මෙහෙයුම් කමිටුව

‘මිහිකතට ආදරෙන්’ යනු අපගේ ප්‍රධානතම පාරිසරික තිරසාරත්ව ව්‍යාපෘතියයි. පරිසරය සම්බන්ධයෙන් ජනතාව තුළ වගකීම් සහගත බවක් සහ ආදරයක් ඇතිකරවීම මෙහි මූලික අරමුණ වී ඇත. මේ ඔස්සේ අනාගත පරපුර සඳහා පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරන්නෙමු. සමාගමක් වශයෙන්, පරිසර හිතකාමී ව්‍යාපාර ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම ඔස්සේ පෘථිවියේ යහපැවැත්ම උදෙසා අපි කැපවන්නෙමු.

  • බලශක්තිය සහ කාබන්
  • ජෛව විවිධත්වය
  • අපද්‍රව්‍ය කළමනාකරණය
  • සේවක දායකත්වය

 

බලශක්තිය සහ කාබන්

බලශක්තිය සහ ISO 14064-1:2006 කාබන් සහතිකය දිනා ගැනීම

2015 වසරේදී දකුණු ආසියාවේ ‘ISO Carbon Verification’ හිමිකර ගැනීමට සමත් වූ ප්‍රථම මූල්‍ය ආයතනයට බවට පත්වීමට CDB සමත් විය. කාබන් පිය සටහන අවම කරගැනීම සඳහා අප දක්වන කැපවීමට මෙය මනා සාක්ෂියකි. මෙම කැපවීම කාබන් විමෝචනය අවම කිරීමේ ක්‍රියාවලියට ක්‍රමානුකූලව සම්බන්ධ කරමින්, පූර්ව නිශ්චිත පරාමිතීන් අනුව කාබන් පිය සටහන අවම කිරීම සම්බන්ධ අපගේ ඉලක්ක වලට අනුකූලව, පරිසර දූෂණය අවම කිරීමේ සහ පරිසරය ආරක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා අපි පෙරමුණ ගන්නෙමු.

 

කාබන් උදාසීන ව්‍යාපාරික ආයතනයක් (Carbon Neutral Business Entity)

Climate Smart Initiatives (පුද්.) සමාගම විසින් CDB ආයතනය කාබන් උදාසීන ව්‍යාපාරික ආයතනයක් (Carbon Neutral Business Entity) ලෙස සහතික කර තිබේ. එම සමාගම සමග ඇතිකරගත් හවුල්කාරීත්වය නිසා, පරිසර හිතකාමී වැඩසටහන් තුළින්  ගනුදෙනුකරුවන් සහ පොදු මහජනතාව අතර ඒ සම්බන්ධයෙන් දැනුම බෙදා ගැනීමට අපට හැකියාව ලැබී ඇත. වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු, විශ්වාසනීය මූල්‍ය සේවා සමාගමක් සහ විශ්වාසවන්ත සේවායෝජකයෙකු වැනි විවිධ භූමිකාවන් ඔස්සේ, අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනා වෙත යහපත උදා කර දීමට අපි දිගින් දිගටම කටයුතු කරන්නෙමු.

 

UNFCCC Climate Neutral Now’ ප්‍රතිඥාව 

අපගේ මෙහෙයුම් තුළදී කාබන්-ශූන්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා දක්වන කැපවීම තහවුරු කිරීමක් වශයෙන් අපි UNFCCC Climate Neutral Now ප්‍රතිඥාවට අත්සන් තැබීමු. දේශගුණ විපර්යාස අවම කිරීමට පියවර ගැනීම මේ වනවිට බරපතළ අවශ්‍යතාවක්ව පවතී. ඒ අනුව පරිසරයට සිදුවන බලපෑම් අවම වන පරිදි අපගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අපි අවශ්‍ය පියවර ගෙන ඇත්තෙමු.

 

අපද්‍රව්‍ය කළමනාකරණය – විද්‍යුත් අපද්‍රව්‍ය

මෙම වසරේදී, Green Link සමග එක්වී අපගේ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලපොරොත්තුවෙන් පසුවේ. මේ ඔස්සේ පරිසරයට අවම බලපෑමක් ඇතිවන ආකාරයට, සුරක්ෂිත ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමට අපට හැකි වේ. මෙම ව්‍යාපෘතියේ කොටසක් වශයෙන්, සමාගමේ අධ්‍යක්ෂවරුන්, ආයතනික කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන්ගේ සක්‍රීය දායකත්වය සහිතව අපි විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ සතියක්ද ප්‍රකාශයට පත්කළෙමු.

 

ඉවත දමන කඩදාසි

අඛණ්ඩව 7 වන වසරටත්, අපගේ ප්‍රධාන කාර්යාලයේ ඉවත දමන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙය තුරුලතා සුරකින සහ කඩදාසි නිෂ්පාදනය සඳහා වැයවන බලශක්තිය ඉතිරි කරන පියවරක් වන අතර, මෙවර මෙම වැඩසටහන සඳහා අපි Green Link සමග අත්වැල් බැඳගත්තෙමු. එමෙන්ම මෙම වැඩසටහන ඔස්සේ, පරිසරයට අවම බලපෑමක් ඇතිවන ආකාරයට, අපතේ යන කඩදාසි නැවත ප්‍රයෝජනයට ගැනීමට අප පියවර ගෙන ඇත.

Reuse

කඩදාසි සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැදගත්කම කාර්ය මණ්ඩලයට පෙන්වා දීම සඳහා, එදිනෙදා කටයුතු වලදී භාවිතා කළ හැකි සරල, පරිසර හිතකාමී පුරුදු දැක්වෙන දැන්වීම් පුවරු සවිකිරීමට අපි කටයුතු කළෙමු. කඩදාසි වල දෙපසම මුද්‍රණය කිරීමේ වැදගත්කම, ලිපි ශීර්ෂ වල මුද්‍රණය කිරීමේ නිවැරදි ක්‍රමය සහ දෙපසම මුද්‍රණය කර ඇති කඩදාසි බැහැර කිරීමේදී ශ්‍රෙඩර් යන්ත්‍ර භාවිතා කිරීම ආදිය මීට ඇතුළත් විය. ඡායා පිටපත් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර සහ ශ්‍රෙඩර් යන්ත්‍ර ආසන්නයේ මෙම දැන්වීම් පුවරු සවිකරන ලදි.

 

කඩදාසි සහ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් වාර්තා වූ ඉතිරිය (2017/18 කාලසීමාව තුළ)