CDBiTransfer

මුදල් හුවමාරු කිරීමේ නවතම අත්දැකීම විඳගන්න! ශ්‍රී ලංකාවේ පළමුවරට ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, විද්‍යුත් ලිපිනය සහ කෙටි පණිවිඩ භාවිතයෙන් මුදල් ලබන්නාගේ ගිණුම් තොරතුරු නොමැතිව මුදල් හුවමාරු කිරීම ඔබට කළ හැකිය.

 

CDBiTransfer භාවිත කරන ආකාරය

 

ලියාපදිංචිය

 

වත්මන් පාරිභෝගිකයන් සඳහා
  • ඔබගේ ළඟම ශාඛාවට පිවිසෙන්න
  • CDB iNet අයදුම්පත සම්පූර්ණ කරන්න
  • ඔබගේ මාර්ගගත ගිණුම සැකසීමට www.cdbinet.lk වෙත පිවිසෙන්න

 

නව පාරිභෝගිකයන් සඳහා
  • ඔබගේ ළඟම ශාඛාවට පිවිසෙන්න
  • ඉතිරිකිරීමේ ගිණුමක් අරඹන්න
  • CDB iNet අයදුම්පත සම්පූර්ණ කරන්න
  • ඔබගේ මාර්ගගත ගිණුම සැකසීමට www.cdbinet.lk වෙත පිවිසෙන්න

 

ෆේස්බුක්, වට්ස්ඇප්, කෙටි පණිවිඩ සහ අනෙකුත් පණිවිඩ සේවා මාර්ගයෙන් මුදල් හුවමාරු කිරීම

ඔබ කළ යුතු දෑ:
  • ඔබගේ CDB iNet ගිණුමට පිවිසෙන්න
  • “Transfers and Payments” ඔබන්න
  • දකුණු පස ඇති “Facebook Transfer” තෝරන්න
  • ඔබගේ ගිණුම තෝරා යැවීමට අපේක්ෂිත මුදල ඇතුළත් කරන්න
  • “Next” ඔබන්න
  • ඔබගේ ලියාපදිංචි දූරකතනයට ලැබුණ OTP කේතය ඇතුළත් කරන්න
  • “Share on…” බොත්තම ඔබා ඔබ කැමති පණිවිඩ සේවාව තෝරන්න
  • මුදල් ලැබිය යුතු ඔබගේ මිතුරාව තෝරන්න (අවශ්‍ය නම් පෞද්ගලික පණිවිඩයක් ද ඇතුළත් කළ හැකිය)
    ඔබගේ මිතුරාට ඔබ විසින් තේරූ පණිවිඩ සේවාව මගින් මුදල් ලබා ගැනීම සඳහා සබැඳියක් ලැබෙනු ඇති අතර ඔබට කේතයක් ලැබෙනු ඇත (කරුණාකර එම කේතය මිතුරා සමඟ බෙදාගන්න)

 

ඔබගේ මිතුරා (මුදල් ලබන්නා) කළ යුතු දෑ:
  • සබැඳිය මගින් මුදල් ලබන්නාව සිය විස්තර සහ බැංකු ගිණුම් අංකය (CDB හෝ වෙනත්) ඇතුළත් කළ හැකි පිටුවකට ගෙන යනු ඇත
  • විස්තර ඇතුළත් කර “Next” එබූ පසු ඔබ විසින් බෙදාගන්නා ලද කේතය (කෙටි පණිවිඩ, ෆේස්බුක් මැසේන්ජර්, වට්ස්ඇප් ආදියෙන්) ඇතුළත් කිරීමට මුදල් ලබන්නාට සිදු වනු ඇත.
  • කේතය ඇතුළත් කර “Submit” බොත්තම එබූ පසු මුදල් ලබන්නා විසින් තෝරාගත් බැංකු ගිණුමකට මුදල් බැර වනු ඇත.

 

CDBiControl ඇප් එක සතු මෙම සියලු විශේෂාංග CDB ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වේ.