MasterCard LoungeKey වැඩසටහන – නිතර අසන ප්‍රශ්න

LoungeKey

ප්‍ර: LoungeKey යනු කුමක්ද?

පි: LoungeKey යනු ගුවන්තොටුපළ විවේකාගාර භාවිතා කිරීමට කාඩ්පත් හිමියන්ට අවස්ථාව සලසා දෙන වැඩසටහනකි. තමන් සතු, මෙම වැඩසටහනේ සුදුසුකම් ලැබීමේ විධිවිධාන සපුරාලන MasterCard World හෝ Platinum ක්‍රෙඩිට් කාඩ්පතක් ඉදිරිපත් කිරීම මගින් කාඩ්පත් හිමියන්ට මෙම වැඩසටහන සමග සම්බන්ධ වී සිටින ගුවන් තොටුපළ විවේකාගාර භාවිතා කළ හැකි වේ. එම නිසා ඔවුන්ට අතිරේක කාඩ්පත් හෝ වෙනත් යමක් රැගෙන යාම අවශ්‍ය නැත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.loungekey.com/CDB වෙත පිවිසෙන්න.

ප්‍ර: LoungeKey වැඩසටහන Priority Pass ක්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේද?

පි: LoungeKey යනු නිසි සුදුසුකම් සපුරාලන Mastercard කාඩ්පතක් ඉදිරිපත් කිරීම මගින් කාඩ්පත් හිමියාට විවේකාගාර වෙත ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවේකාගාර ජාලයකි. මේ සඳහා සමාජිකත්ව කාඩ්පතක් අවශ්‍ය නැත. Priority Pass ක්‍රමයේදී ගුවන් තොටුපළ විවේකාගාර වලට ඇතුළු වීම සඳහා අදාළ Priority Pass සාමාජිකත්ව කාඩ්පත ඉදිරිපත් කළ යුතු වේ.

ප්‍ර: මෙම විවේකාගාර ක්‍රියාත්මක කරනු ලබන්නේ LoungeKey මගින්ද?

පි: නැත. LoungeKey සෘජුව මෙම විවේකාගාර කළමනාකරණය නොකරයි. මේවායෙහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ ගුවන් තොටුපළ බලධාරීන්, ගුවන් තොටුපළ මෙහෙයුම් නියෝජිතයන් සහ ගුවන් සේවාවන් විසිනි.

ප්‍ර: LoungeKey සහ Priority Pass එකම විවේකාගාර ජාලයක් හවුලේ භාවිතා කරන්නේද?

පි: ගුවන් සමාගම් සමග පවත්වාගෙන යන හිමිකාරීත්ව සම්බන්ධතා මෙන්ම තාක්ෂණික අවශ්‍යතා හේතුවෙන්, Priority Pass විවේකාගාර සියල්ල භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමට LoungeKey හට හැකියාවක් නැත. එහෙත් මෙම විවේකාගාර වලින් 90% කට වැඩි ප්‍රතිශතයක් LoungeKey වැඩසටහන යටතේ භාවිතා කළ හැකි වේ.

ප්‍ර: LoungeKey විවේකාගාර පිහිටා ඇත්තේ කොහේද? Priority Pass ජාලයට සාපේක්ෂව එහි වෙනස්කම් මොනවාද?

පි: LoungeKey ජාලයට විවේකාගාර 800 ක් පමණ ඇතුළත් වේ. පැමිණීම් අවම කුඩා විවේකාගාර, LoungeKey හි තාක්ෂණික අවශ්‍යතා ඉටුකළ නොහැකි විවේකාගාර සහ ගෙවීම් කාඩ්පතක් මගින් ඇතුළුවීම වළක්වන ගිවිසුම් ඇති විවේකාගාර මෙම වැඩසටහනට ඇතුළත් නොවේ.

ප්‍ර: Priority Pass කාඩ්පතකින් LoungeKey විවේකාගාරයකට ඇතුළු විය හැකිද?

පි: Priority Pass සහ LoungeKey යනු එකිනෙකට වෙනස් වැඩසටහන් දෙකක් නිසා එක් කාඩ්පතක් අනෙක වෙනුවට භාවිතා කළ නොහැක. කෙසේ නමුත් බොහෝ LoungeKey විවේකාගාර Priority Pass විවේකාගාරද වේ.

ප්‍ර: කාඩ්පත් හිමියන්ට LoungeKey තොරතුරු ලබාගත හැක්කේ කෙසේද?

පි: පහත සඳහන් ක්‍රම ඔස්සේ කාඩ්පත් හිමියන්ට තමන්ට ළඟම පිහිටි ගුවන් තොටුපළ විවේකාගාර පිළිබඳ තොරතුරු (පහසුකම් සහ ඡායාරූප ආදිය) සහ තම ගමනාන්තයේ විවේකාගාර පිළිබඳ තොරතුරු ලබාගත හැකි වේ.

    • MasterCard LoungeKey Smartphone app (iOS and Android)
    • MasterCard LoungeKey වෙබ් අඩවිය

LoungeKey විවේකාගාර වලට පිවිසීමේදී කාඩ්පත් හිමියන් අනුගමනය කළ යුතු පියවර මොනවාද?

පි: විවේකාගාරයට පිවිසීමේදී කාඩ්පත් හිමියා තම වලංගු Mastercard කාඩ්පත් ඉදිරිපත් කළ යුතු අතර, විවේකාගාරයේ පිළිගැනීමේ නිලධාරීන්ට LoungeKey යනුවෙන් පැවසිය යුතු වේ. එමෙන්ම කාඩ්පත් හිමියා සමග තවත් අය සිටී නම්, ඒ කොපමණ පිරිසක්ද යන්න දැනුම් දිය යුතු ය.

කාඩ්පත් හිමියාට විවේකාගාරය භාවිතා කළ හැකිද යන්න තහවුරු කරගැනීම සඳහා විවේකාගාරයේ කාර්ය මණ්ඩලය කාඩ්පත් ස්වයිප් කරනු ඇත. එසේ නොමැති නම් තොරතුරු පද්ධතියකට කාඩ්පතේ අංකය ඇතුළත් කර පරීක්ෂා කිරීමට ඉඩ තිබේ.

විවේකාගාරය වෙත පැමිණීම සහ අමුත්තන් සංඛ්‍යාව තහවුරු කිරීම සඳහා කාඩ් රීඩරය මත අත්සන තබන ලෙස ඉල්ලා සිටිනු ලැබීමට ඉඩ ඇත. ඉන් අනතුරුව කාඩ්පත් හිමියාට විවේකාගාරය භාවිතා කළ හැකි වේ.
පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් අත්වීම සඳහා කාඩ්පත් හිමියන්ට මෙම ක්‍රියාවලිය දැනුම් දී තිබීම වැදගත් ය.

ප්‍ර: කාඩ්පත මගින් ගනුදෙනු කිරීමට PIN අංකයක් අවශ්‍ය නම්, කාඩ්පත් හිමියා මෙහිදී එම අංකය ඇතුළු කළ යුතුද?

පි: නැත. මේ සඳහා කාඩ්පත් හිමියා PIN අංකය ඇතුළු කිරීම අවශ්‍ය නොවේ.

ප්‍ර: කාඩ්පත් හිමියාට අත්සන් තැබීම සඳහා තිරයේ දර්ශනය වනු ඇත්තේ කුමක්ද?

පි: දිනය, ස්ථානය සහ අමුත්තන් සංඛ්‍යාව තිරයේ දර්ශනය වනු ඇත. කාඩ්පත් හිමියා සෘජුවම කාඩ් රීඩරය මත අත්සන් තැබිය යුතු ය.

ප්‍ර: ගුවන් තොටුපළ විවේකාගාරයට අමුත්තන් රැගෙන යාම සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිය කුමක්ද?

පි: කාඩ්පත් හිමියාගේ මිතුරන්ට සහ අමුත්තන්ට ඔහු/ඇය සමග විවේකාගාරයට පිවිසිය හැකි වේ. සාමාන්‍යයෙන් ඇතුළු විය හැකි අමුත්තන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමාවන් පනවා නොමැත. එහෙත් පැමිණ සිටින අමුත්තන් සංඛ්‍යාව සහ තම ප්‍රතිපත්ති වැනි සාධක අනුව සීමාවන් පැනවීමට විවේකාගාර වලට අයිතිය ඇත. වෙබ් අඩවියේ Lounge Finder කොටසේ සහ ස්මාර්ට් දුරකථන යෙදුමේ, අදාළ විවේකාගාර සහ ඒවායෙහි ප්‍රතිපත්ති සම්බන්ධ විස්තර දක්වා තිබේ. කාඩ්පත් හිමියාගේ වියදම් මෙන්ම ඔහු/ඇය සමග විවේකාගාරය භාවිතා කරන අනෙකුත් අමුත්තන් සම්බන්ධ වියදම්ද සෘජුවම කාඩ්පත් හිමියාගෙන් අයකෙරේ.

ප්‍ර: LoungeKey මගින් ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් ලබාදෙනවාද?

පි: LoungeKey සේවා මධ්‍යස්ථාන හරහා සෑම දිනකම පැය 24 පුරා පාරිභෝගික සහය සේවාවන් ලබා දේ. මේ පිළිබඳ තොරතුරු Mastercard LoungeKey වෙබ් අඩවියේ සහ ස්මාර්ට් දුරකථන යෙදුමේ දක්වා ඇත.

ප්‍ර: ඇමතුම් මධ්‍යස්ථානය මගින් ලබාදෙන සේවාවන් මොනවාද?

පි: ඇමතුම් මධ්‍යස්ථානයට කාඩ්පත් හිමියාගේ සුදුසුකම් තහවුරු කළ හැකි අතර විවේකාගාර ස්ථාන සහ පහසුකම්ද සැපයිය හැකිය.

ප්‍ර: LoungeKey විවේකාගාර භාවිතා කිරීමේදී අයවන ගාස්තු මොනවාද?

පි: විවේකාගාරයක් වෙත පිවිසෙන සෑම අවස්ථාවකදීම (අමුත්තන් ඇතුළුව) එක් පුද්ගලයෙකු සඳහා ඇමරිකානු ඩොලර් 32 බැගින් සෘජුවම කාඩ්පත් හිමියාගෙන් අයකෙරේ.

ප්‍ර: කාඩ්පත් හිමියා සහ අමුත්තන් සම්බන්ධ ගාස්තු අය කෙරෙන්නේ කෙසේද?

පි: මෙම ගාස්තු LoungeKey විසින් සෘජුවම කාඩ්පත් හිමියාගෙන් අයකරනු ලබනු ඇත.

ප්‍ර: CDB Mastercard credit card priceless special යනු කුමක්ද?

පි: Priceless යනු Mastercard ගනුදෙනුකරුවන්ට පමණක් හිමි වන විශේෂ Booking සේවාවකි. මෙමගින් ඔවුන්ට සුවිශේෂී අත්දැකීම් පෙළක් සමග දීමනා රාශියක් හිමි වේ. Mastercard Priceless Specials ලොව නන් දෙසින් ඉමහත් සැලකිල්ලෙන් යුතුව සපයාගනු ලැබේ. සංචාර, සූපශාස්ත්‍ර, සාප්පු සවාරි, ක්‍රීඩා, විනෝදාස්වාදය, කලාව සහ සංස්කෘතිය ඇතුළු බොහෝ අංශ ආවරණය වන පරිදි, ඔබ කොතැනක සිටියත් පවුලේ අය සහ හිතමිතුරන් සමග විනෝද වීමට හැකි වන ආකාරයට මේවා නිර්මාණය කර ඇත.

ප්‍ර: CDB Mastercard ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?

පි: ඔබගේ නිවාඩුවට/ සංචාරයට සමගාමීව ඔබ ගමන් කරන Priceless නගරයේ පැවැත්වෙන උත්සව සහ විශේෂ ඉසව් ආදිය සම්බන්ධ තොරතුරු මෙමගින් දැනගත හැකි වේ.
CDB Mastercard ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා හිමිවන Priceless දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න:

www1.mastercard.com/content/platinum/ap/en/index.html