බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරයට CDB අනුග්‍රහය

2021 නොවැම්බර් 24, කොළඹ: වසර 26 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාශයන් බලගන්වමින් සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිලේ 2021 ශ්‍රී ලංකා සංචාරයේ “Powered by” අනුග්‍රාහක ලෙස ඉදිරිපත් වී සිටී. ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පැවැත්වේ.

“ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාශයන් බලගැන්වීමේ අරමුණ මුල්කරගත්, මෙරට වඩාත්ම සාර්ථක බැංකු නොවන මූල්‍ය ආයතන අතරින් එකක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රාහී මාවත ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තලය ලෙස සැලකෙන ටෙස්ට් තරගාවලියකදී කොදෙව්වන්ට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායමට තම ජයග්‍රාහී මාවතේ තවදුරටත් ඉදිරියට යමින්, සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතුටු කිරීමට මෙමගින් අත්වැලක් ලැබේවි කියා අප විශ්වාස කරනවා.” CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දර්ශන ජයසිංහ මහතා පැවසී ය.

“අපගේ වත්මන් ක්‍රිකට් කණ්ඩායම කෙටි කාලයක් තුළ විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. ඒ ජයග්‍රාහී ගමන තවදුරටත් දිරිගැන්වීම අප සැමගේ වගකීමක්. තවද සමස්තයක් ලෙස CDB ආයතනය අප රටේ තරුණ තරුණියන්ගේ කුසලතා වැඩිදියුණු කරගැනීම සහ උපරිම දස්කම් දක්වමින් දිගින් දිගටම ජයග්‍රහණය හඹා යාමට පොළඹවන ආකල්ප ඔවුන් තුළ ඇති කිරීම පිළිබන්ඳව විශ්වාසය තබනවා. නිරන්තරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය සහ ජීවගුණය පිළිබිඹු කරමින් ක්‍රීඩාවේ නිරතවන බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අපගේ ස්තූතිය පිරිනමන අතර ලොව පුරා ක්‍රීඩා ලෝලීන් හට උණුසුම් තරගාවලියක් දැකබලා ගැනීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. මේ විශිෂ්ට කණ්ඩායම් දෙක අතරින් විශිෂ්ටතම කණ්ඩායම ජයගනීවී.” දර්ශන ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

තරග දෙකකින් යුත් මෙම තරගාවලියේ ප්‍රථම තරගය නොවැම්බර් 21 සිට 25 දක්වාද, දෙවැනි තරගය නොවැම්බර් 29 සිට දෙසැම්බර් 3 දක්වාද පැවැත්වේ. තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම තිරසර සමාගම් දහය සහ ප්‍රමුඛත ම ව්‍යාපාර තිහ මෙන්ම විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතනය පහ අතර රැඳෙන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, දිවයින පුරා විහිදුනු ශාඛා ජාලය සහ නවීන තාක්ෂණය සමගින් මෙරට මුල්‍ය හුවමාරු ක්‍රමවේද දැවැන්ත වෙනසකට ලක්කර ඇත. වැඩිදුර විස්තර සඳහා www.cdb.lk වෙත පිවිසෙන්න.