සිසුදිරි 11 වන අදියර

ජාතික ඉලක්ක සපුරාගැනීරේදී අනාගත පරපුර සවිබල ගැන්වීමේ වැදගත්කම සෑමවිටම විශ්වාසරේ තබාරගන ක්‍රියාකරන CDB මූලය ආයතනය 2008 වසරේ සිට පවත්වාරගන යන සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මේ දක්වා ශිෂ්‍යත්ව 509ක් පිරිනැමීමට කටයුතු කර තිබේ. මෙම ශිෂ්‍යත්ව හිමිවනුයේ ආර්ථික දුෂ්කරතා සහිත පහ වසර ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සාමානය පෙළ විභාගය ඉහළින්ම සමත් දරුවන් හටය. ඒ අනුව ගෙ අවුරුදු දහයක කාලය තුළ රුපියල් මිලියන 21.7ක මුදලක් මේ සමාජ සත්කාරය වෙනුවෙන් ආරයෝජනය කොට ඇත. පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගය උසස් අන්දමින් සමත් වන සිසුන්, තම අධ්‍යාපන කටයුතු කරගැනීමට නොහැකිව මුළු ගැන්වී ඇති සිසුන් සහ මූල්‍යමය ශක්තියක් නොමැති සිසුන් සඳහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කරගැනීමට දිරියක් වීම සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ශක්තියක් වී ඇත. මීට පෙර වාර්ෂිකව පිරිනමන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 50ක් වූ අතර සිසුදිරි 11 වන අදියරේ පිරිනැමුනු ශිෂ්‍යත්ව සංඛ්‍යාව 100 කි.