CDB මෙරට වටිනාම පාරිභෝගික සන්නාම 50 අතරට එක්වයි

  • සමස්ත සන්නාම වටිනාකම සාමාන්‍ය මට්ටම ඉක්මවා 22% කින් ඉහළට

  • මූලික වගකීම් නිවැරදිව ඉටුකිරීම, ශක්තිමත් වටිනා සන්නාමයක පදනමයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් (Citizens Development Business Finance PLC – CDB) සමාගම, අභිලාශයන් බලගන්වමින් පියමං කළ තම විසිපස් වසරක ගමන් මගෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම 50 අතරට එක්වීමට පසුගියදා සමත් විය. මීට පෙර අඛණ්ඩව කිහිප වරක්ම මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන LMD සඟරාවේ LMD Top 100 ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් වූ CDB සමාගම, එම සඟරාව සිදුකළ 18 වන වාර්ෂික විශ්ලේෂණය මගින් මේ ආකාරයට මෙරට වටිනාම පාරිභෝගික සන්නාම 50 අතරට නම්කර ඇත.
CDB සන්නාම වටිනාකම, මෙම ශ්‍රේණිගත කිරීමට අදාළ කාලසීමාවේ සන්නාම වටිනාකම් වල සාමාන්‍යයට වඩා පැහැදිලි ලෙසම ඉහළ ප්‍රතිශතයකින්, එනම් 22% කින් වර්ධනය වී ඇත. පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමේදී තම මූලික වටිනාකම් වන නොපසුබට උත්සාහය, සංවේදීත්වය, නවෝත්පාදනය සහ විශ්වාසනීයත්වය යන ගුණාංග නිරන්තරයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම මෙම සාර්ථකත්වයට එක් ප්‍රධානතම හේතුවකි. මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා පාරිභෝගික චර්යාවන් මෙන්ම, ස්වාධීන වෙළඳපොළ පර්යේෂණ මගින් හඳුනාගත් මුල්‍යමය කරුණු සහ ප්‍රකාශයට පත්කර ඇති මූල්‍ය තොරතුරු පදනම් වී තිබීම මෙය තව දුරටත් තහවුරු කරයි.
“අභියෝග යනු අපගේ කණ්ඩායම වඩාත්ම දිරිමත් කරන සාධකයක්. මේ නිසා, ඉතාම දුෂ්කර කාලවලදී පවා පෙර නොවූවිරූ ජයග්‍රහණ අත්පත් කරගැනීමට අපට හැකි වී තිබෙනවා.” CDB සමාගමේ අධ්‍යක්ෂ/ Chief Emergent Business Officer, කාර්තික් ඉලංගෝවන් මහතා පැවසී ය.
තවදුරටත් අදහස් දක්වමින් කාර්තික් මහතා පැවසුවේ, පසුගිය වසරේදී CDB සමාගම මූලික විශ්වාසයන් දෙකක් පදනම් කරගෙන කටයුතු කළ බවයි. එම විශ්වාසයන් නම්, බාධාවකින් තොරව ගනුදෙනුකරුවන් වෙත සිය නිෂ්පාදන හා සේවාවන් සමීප කරවීම සඳහා තමන් සතු විශේෂඥ තාක්ෂණික හැකියාවන් භාවිතා කිරීම සහ වසංගත රෝග කාලසීමාව තුළ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව හැකි උපරිමයෙන් තහවුරු කිරීමයි. “තාක්ෂණය යනු අනාගතයේදී අතිශයින් වැදගත් සාධකයක් බවට පත්වන බව අප හොඳින් දැන සිටි නිසා, අනාගතයට සුදුසු පරිදි අපගේ තාක්ෂණික පදනම් වැඩිදියුණු කිරීමට අප කල්තබාම කටයුතු කර තිබුණා. අන්තර් පුද්ගල සම්බන්ධතාවන් සමග අපගේ තාක්ෂණික නැඹුරුව ඒකාබද්ධ කිරීම තුළින්, කිසිදු බාධාවකින් තොරව අපගේ සේවාවන් ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට අපගේ කණ්ඩායමට හැකි වූවා. ගනුදෙනුකරුවන්ට සැණින් මතකයට නැගෙන සන්නාමයක් බවට පත්වීමට අපට හැකිවූයේ එලෙසිනුයි.” කාර්තික් වැඩිදුරටත් පැවසී ය.
තම සේවාවන් ක්ෂේත්‍රයේ හා ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන්ට වඩා සෑම විටම ඉදිරියෙන් පවතින බව CDB සමාගම නිරන්තරයෙන් ඔප්පු කර තිබේ. එමෙන්ම එම සේවාවන්, සෑම විටම පාරිභෝගික අපේක්ෂාවන් හා වෙළඳපොළ ගතිකයන්ට අනුකූලව වෙනස් කිරීමට හා වැඩිදියුණු කිරීමටද සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. “මෙය කවදත් අපගේ ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය වූ සාධකයක්. අතීතයේ පටන්ම ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය හා පෙන්නුම් කළ ළැදියාව වෙනුවෙන් මා ඔවුන්ට කෘතඥ වනවා. මේ වනවිට ගනුදෙනුකරුවන්ට මුලින්ම සිහියට නැගෙන සන්නාම අතරට පැමිණීමට අපට හැකිවී තිබෙන අතර, මේ ගමන පුරාම අප සමග අත්වැල් බැඳගෙන සිටි ගනුදෙනුකරුවන් සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමිවිය යුතුයි.” කාර්තික් ඉලංගෝවන් මහතා පැවසී ය.


කාර්තික් ඉලංගෝවන් -අධ්‍යක්ෂ/ Chief Emergent Business Officer – CDB