CDB වෙතින් නව්‍යකරණයෙන් පිරි තිරසාර රටක් උදෙසා “CDB Advance Roof Solar”

2022 ජනවාරි 19, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්. සී (CDB) නවතම ‘CDB Advance Roof Solar’ සංකල්පය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ උත්සාහයේ තවත් අදියරක් වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකිකයන්ට පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ඔස්සේ වඩාත් තිරසාර ජීවන රටාවකට හුරුවීමට අත්වැලක් වනු ඇත.
‘CDB Advance Roof Solar’ ලබාගන්නා පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට ඉන්පසු විදුලි බිල්පත් ගෙවීමට අවශ්‍ය නොවන අතර, අතිරික්ත විදුලිය ජාතික විදුලිබල පද්ධතිය වෙත අලෙවි කිරීමෙන් අමතර ආදායමක්ද උපයාගත හැකි වේ. නවීනතම තාක්ෂණයෙන් යුත් මෙම සූර්ය බලශක්ති පද්ධති සඳහා විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් හිමිවන අතර, අමතර විදුලිය අලෙවි කිරීම මගින් ලැබෙන ආදායම විශේෂ ද්වාරයක් (Portal) ඔස්සේ පරීක්ෂා කිරීමටද අවස්ථාව ලැබෙනු ඇත. මෙය වර්තමාන ලෝකයට අතිශයින් ගැළපෙන, බලශක්තිය අතින් ස්වයංපෝෂිත, නැණවත් ජීවන රටාවක් සඳහා වන වැදගත් ප්‍රවේශයකි.
සරල සවිකිරීමේ ක්‍රියාවලියක් ඔස්සේ පාරිභෝගිකයන්ගේ ගොඩනැගිලි වල වහල මත මෙම සූර්ය බලශක්ති පද්ධති සවිකිරීම ඇතුළු සියලුම සේවාවන් පාරිභෝගිකයන් වෙතටම පැමිණ ලබාදීම මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වේ. තමන්ට වඩාත්ම හොඳින් ගැළපෙන සූර්ය බලශක්ති විසඳුමට අදාළ මූල්‍ය පහසුකම් ලබාගන්නා ආකාරය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට CDB සූදානමින් සිටී.
“අපගේ තිරසාරත්ව ක්‍රමෝපාය මගින් සමාජය හා පරිසරය යන අංශ දෙකම ආවරණය වනවා. රු. බිලියන 100 ක ආසන්න වත්කම් පදනමක සිට රු. බිලියන 250 ක වත්කම් පදනමක් සහිත සමාගමක් බවට පත්වීම සඳහා අප යන මේ ගමන, අවම කාබන් පිය සටහනක් සහිත ගමනක් බවට පත්කිරීමටත්, දිගින් දිගටම කාබන් ශූන්‍ය තත්ත්වය පවත්වා ගැනීමටත් අපට අවශ්‍යයි. සියලුම දෙනා වෙත මුල්‍ය සේවාවන් සමීප කරවමින් සමාජයට යහපත් බලපෑමක් ඇතිකරන සමාගමක් ලෙස හරිත ආර්ථිකයක් බිහිකිරීමේ උත්සාහයට අපගේ උපරිම දායකත්වය අප ලබාදෙනවා.” CDB සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසී ය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර 7 වන ඉලක්කය වන ‘පිරිසිදු බලශක්තිය’ ඉලක්කය සාක්ෂාත් කරගැනීමට රටට අත්වැලක් වීමට CDB සමාගම සෑම විටම කටයුතු කරයි. එමෙන්ම 2030 වසර වනවිට පුනර්ජනනීය බලශක්ති භාවිතය 70% ක් දක්වා වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය යථාර්ථයක් කරගැනීමටද CDB Advance Roof Solar සේවාව උපකාරී වනු ඇත. 2025 වසර වනවිට විදුලිය මෙගාවොට් 1000 ක් ජනනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.
CDB Advance Roof Solar යනු නව්‍යකරණයෙන් පිරි තිරසර ශ්‍රී ලංකාවක් බලගැන්වීමට උරදෙන මුල්‍ය පහසුකම් පිරිනැමීම ඉලක්ක කරගත් ‘CDB Advance’ සංකල්පයේ එක් අදියරකි. තිරසාර බලශක්ති නිෂ්පානය සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් බලගැන්වීම එම සංකල්පයේ පරමාර්ථ වී තිබේ.
CDB Advance Roof Solar පිළිබඳ වැඩිදුර තොරතුරු www.cdb.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

solar