CDB SMB Friday වැඩසටහන patpat.lk සමග එක්වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB), දේශීය ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ උත්සාහයේ කොටසක් වශයෙන්, patpat.lk සමග එක්ව ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පසුගියදා සංවිධානය කළේ ය. මෙහිදී CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace මගින් පිරිනමනු ලබන සේවාවන් භාවිතා කරමින් තම ව්‍යාපාර දියුණු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙම ව්‍යවසයිකාවන්ට මගපෙන්වීමක් ලබාදෙන ලදි.

patpat ඩිජිටල් වෙළඳපොළ (Marketplace), ව්‍යවසායකත්වය වෙනුවෙන්ම වෙන්වූ වේදිකාවක් වන අතර එමගින් දේශීය ව්‍යවසායක ප්‍රජාවට තම නිෂ්පාදන වෙත පාරිභෝගික අවධානය දිනාගැනීමටත් එමගින් තම ව්‍යාපාර දියුණු කරගැනීමටත් මහගු අත්වැලක් සපයනු ලැබේ.  patpat Marketplace හි තවත් කොටසක් ලෙස පසුගියදා පැවැත්වූ වැඩමුළුවේදී හදුන්වාදෙනු ලැබූ ‘විරු ලිය’ වෙබ් පිටුව මෙම රෙජිමේන්තුවේ ව්‍යවසායිකාවන්ට තම පාරිභෝගිකයන් වෙත වඩාත් සමීප වීම උදෙසා අවස්ථාව උදා කර දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ මහතා කියා සිටියේ, CDB ආයතනය කවදත් ව්‍යවසායකයන්ගේ අභිලාෂයන් සවිබල ගැන්වීමට කටයුතු කරන බවයි. ” CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace එකාබද්ධව තැබූ ප්‍රථම පියවරක් වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ව්‍යවසායිකාවන්, patpat.lk ඔස්සේ නිර්මාණය වී ඇති සුවිශාල වෙළඳපොළට සම්බන්ධ කිරීමට අප කටයුතු කළා. ‘විරු ලිය’ නමින් හැදින්වෙන එම වෙබ් පිටුව මගින් අදාළ ව්‍යවසායිකාවන්ට මුළු ලෝකයම විවෘත කර දෙමින්, ඔවුන්ට තම භාණ්ඩ අලෙවි කිරීමටත්, එකිනෙකා සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් අවස්ථාව සලසා දෙනු ඇත.” දර්ශන ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

පසුගියදා පැවති වැඩමුළුවට සහභාගී වූ ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන රැගත් ප්‍රදර්ශනයක්ද එහිදී සිදු කළ අතර ඒ තුළින් ඔවුන්ගේ හැකියාවන් මනාවට පිළිබිඹු වන ලදී. තවද, ජපන් ජබර භාවිතයෙන් සිදුකරන අත්කම් නිර්මාණ වෙනුවෙන් සම්මාන ලැබූ ව්‍යවසායිකාවක වන ආර්. පී. කුසුමාවතී මහත්මිය තම අත්කම් නිර්මාණ සිදුකිරීම පිළිබඳව වන තම දැනුම පිරිස සමඟ බෙදා ගන්නා ලදී.

“තම ව්‍යාපාර සාර්ථක කරගනිමින් යහපත් අනාගතයක් උදාකර ගැනීම සඳහා මේ ව්‍යවසායිකාවන් දිවා රෑ නොබලා වෙහෙසෙනවා. ඔවුන් සැබැවින් විරු ලියන් ලෙස හැදින්විය හැකියි. CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace මගින් ලැබෙන අත්වැල, ඔවුන්ගේ උත්සාහයන් තවදුරටත් සාර්ථක කරගැනීමට මහෝපකාරී වේවි. මේ වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් අප CDB ආයතනයටත් patpat.lk වෙතටත් අපගේ කෘතඥතාව පළකිරීමට කැමතියි. අපගේ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම සඳහා ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අප කටයුතු කරනවා.” කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන ශාන්ති අබේසේකර මහත්මිය පැවසුවා ය.

2018 වසරේදී ආරම්භ වූ CDB SMB Friday වැඩසටහන, මෙරට කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට තම නිෂ්පාදන සහ සේවා CDB නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය හරහා පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට උපකාර වූ අතර එහි දෙවන අදියර වශයෙන් නගරයට පමණක් සීමා නොවී කොළඹින් පිට පළාත් වල කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින් CDB SMB Friday 2.0 වැඩසටහන ආරම්භ කරන ලදි.  මෙමගින් හුදෙක් සමාජ මාධ්‍ය තුළ මෙම ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමෙන් නොනැවතී, patpat Marketplace හරහා ඩිජිටල් වෙළඳපොළටත් භෞතික වෙළඳපොළටත් මෙම නිෂ්පාදන රැගෙන යාමට ව්‍යවසායක ව්‍යවසායිකාවන්ට අත්වැලක් සැපයීම සිදුවේ.

“අප මුලින්ම SMB Friday වැඩසටහන දියත් කළ අවස්ථාවේදී, අප සමග එක්වී සිටි ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාර පිළිබඳ නිර්මාණය කෙරුණු වීඩියෝ දර්ශන වල නැරඹුම් වාර ගණන දළ වශයෙන් 35,000 ක් පමණ වුණා. මෙය අපගේ ආයතනික වෙබ අඩවිය සහ සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසක් වෙත ආමන්ත්‍රණය කිරීමට ඔවුන්ට ලැබුණු අගනා අවස්ථාවක්. උදාහරණයක් ලෙස, සූපවේදය පිළිබඳව උනන්දුවක් දැක්වූ සහෝදරියන් දෙදෙනෙකු ආරම්භ කළ ‘Tosakanth’s Roast Paan and The Sugar Shack’, දරුවන්ට ආවේණික ලෙසට ඔවුන්ට සතුටු වීමට අවස්ථාව සලසා දීම ඉලක්ක කරගත් ‘Creative Play’, බෑග් භාවිතාව අවම කිරීම සහ නැවත භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් ‘Cally Reuasble Bags’, මේ වනවිට අමතක වෙමින් යන සාම්ප්‍රදායික ආහාර නව මුහුණුවරකින් ජනතාව වෙත රැගෙන එන ‘U’r Zest Gami Gedara’ වැනි ව්‍යාපාර රැසකට CDB SMB Friday මගින් ශක්තිමත් අත්වැලක් හිමි වූවා. patpat.lk සමග අප ඇතිකරගත් සහයෝගිතාවය  නිසා පෙරටත් වඩා ප්‍රතිලාභ රාශියක් අත්කරගැනීමට මෙම ව්‍යවසායිකාවන්ට අවස්ථාව ලැබේවි.” දර්ශන ජයසිංහ මහතා තවදුරටත් පැවසී ය.

https://www.cdb.lk/cdbsmbfriday/වෙත පිවිසීමෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට CDB SMB Friday වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත්, ඒ සඳහා ලියාපදිංචි වීමටත් අවස්ථාව ලැබේ.