තිරසාරත්වය සහ පුනර්ජනනීය බලශක්තියේ අවශ්‍යතාවය: ආයතනික සමාජයීය දෘෂ්ටිකෝණයක්

දමිත් තෙන්නකෝන් (නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී,
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී)

පෘථිවිය මිනිසුන් අතින් විනාශ වෙමින් පවතින බව දින කවුරුත් දන්නා සත්‍යයකි. මේ විනාශය නැවැත්වීමට අප වහාම පියවර නොගතහොත් ඉදිරියේදී අපට ජීවත් වීමට පෘථිවියක් ඉතිරි නොවනු ඇත. දේශගුණික විපර්යාසවල භෞතික පදනම පිළිබඳ ලෝකයේ නවතම සහ වඩාත්ම විද්‍යාත්මක තක්සේරුව ලෙස සැලකෙන දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ වාර්තාවට* අනුව, මීට පෙර සියවස්වල සිදු නොවූ ආකාරයේ වෙනස්කම් රාශියක් මේ වනවිට වේගයෙන් සිදුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් වහාම නිසි පියවර ගෙන, හරිතාගාර වායු විමෝචනය විශාල වශයෙන් අඩු කිරීමට පියවර නොගතහොත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියල් අංශක 1.5 සීමාව ඉක්මවා යනු ඇත. පරිසරයට සිදුවෙමින් පවතින බලපෑම පිළිබඳ සාක්ෂි අද දවසේ ඕනෑම කෙනෙකුට දැකගත හැකි ය. එසේ නම්, අපට මේ මොහොතේ කළහැක්කේ, අප කළ යුත්තේ කුමක්ද?

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ (CDB) ක්‍රමෝපායික තීරණ වල පදනම වන්නේ මේ ගැටලුවයි. CDB සමාගම එදා පටන්ම තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ උත්සාහයට දායක වී තිබේ. මෙය හුදෙක් ලාභ ලැබීමේ අරමුණින් ඔබ්බට ගිය, නිරෝගී ජනතාවක් සහ සුවපත් ලෝකයක් බිහිකිරීම ඉලක්ක කරගත් උත්සාහයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව, පරිසරය හා තිරසාරත්වය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ජාත්‍යන්තර සංවිධාන දීර්ඝ කාලයක පටන් මෙබඳු උත්සාහයන්ගේ වැදගත්කම අවධාරණය කරමින් සිටී. එම සංවිධාන පෙන්වා දෙන ආකාරයට, අද දින අප හමුවේ පවතින්නේ පෘථිවිය බේරා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි.

මේ මොහොතේ අප වහාම කළ යුතු දෙය නම්, මානව ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ ඒ හේතුවෙන් සිදුවන ආපදා අවම කරගැනීමට කටයුතු කිරීමයි. මෙහිදී අප කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සීමා කරමින්, අවම වශයෙන් Net Zero මට්ටම (අප නිපදවන හරිතාගාර වායු ප්‍රමාණය සහ අප වාතයෙන් ඉවත් කරන හරිතාගාර වායු ප්‍රමාණය සමබර කිරීම) හෝ ළඟා කරගත යුතු ය. මෙහිදී අප පොසිල ඉන්ධන භාවිතය වෙනුවට විකල්ප බලශක්තීන් භාවිතා කිරීමට යොමුවිය යුතු වේ. විශේෂඥයන් පවසන ආකාරයට, අප එසේ නොකළහොත් අපට දිගින් දිගටම අධික උණුසුම් කාලගුණ තත්ත්වයන්, දැඩි වර්ෂාපතනයන්, දීර්ඝ නියඟයන්, විනාශකාරී සුළි කුණාටු, ආක්ටික් මුහුදේ අයිස්, හිම ආවරණය සහ නිත්‍ය තුහින දියවී යාම වැනි බරපතළ ගැටලු ඇති විය හැක. මේ අතරින් ඇතැම් ගැටලු සදාකාලික විය හැකි අතර, මේ සියල්ලම පරිසරයටත් ජීවීන්ටත් දැඩි ලෙස හානිකර වේ.

මෙම තත්ත්වය වෙනස් කිරීමට දායක වීමේ අරමුණින් CDB සමාගම මේ වනවිට Net Zero තත්ත්වය ළඟා කරගැනීම සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් විවිධාකාර වූ ආයෝජනයන් සිදුකිරීම ආරම්භ කර තිබේ. CDB සමාගම යනු දැනටමත් තිරසාරත්වය සම්බන්ධයෙන් ඇගයීම් රැසකින් පිදුම් ලැබූ සමාගමකි. විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී අඛණ්ඩව වසර 4 ක් තිස්සේ ඉහළම සමාගම් 10 අතරට පැමිණීමට CDB සමාගමට හැකි වී ඇත. හරිත ආර්ථික සංකල්ප ඔස්සේ ඉදිරියට යමින්, 2030 වසර වනවිට තිරසාර මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම සමාගමේ ඉලක්කය වී තිබේ.

මේ දීර්ඝකාලීන සැලසුම තුළ CDB සමාගමේ ප්‍රධානතම අවධානය යොමු වී ඇත්තේ රටේ සූර්ය බලශක්ති ව්‍යාපෘති (ගොඩනැගිලි වල වහල මත සවිකරන සූර්ය පැනල) සම්බන්ධයෙන් පෙරමුණ ගැනීම ය. මේ වනවිට ජල විදුලි බලයට අමතරව, පොසිල ඉන්ධන වෙනුවට භාවිතා කළ හැකි විකල්ප පුනර්ජනනීය බලශක්තීන් තුනක් ගෝලීය මට්ටමින් හඳුනාගෙන ඇත. මෙම බලශක්තීන් තුන නම් න්‍යෂ්ටික බලය, සුළං බලය සහ සූර්ය බලයයි. මේ අතරින් න්‍යෂ්ටික බලශක්තිය ශ්‍රී ලංකාව වැඩි කුඩා රටක් තුළ භාවිතයට ගැනීම දුෂ්කර වන අතර, සුළං බලශක්ති බලගාර සඳහා විශාල ආයෝජනයන් සිදුකළ යුතු වේ. එහෙත් සූර්ය බලශක්තිය යනු අපට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි බලශක්ති මූලාශ්‍රයකි. තත්ත්වය එසේ තිබියදී පවා, වසරේ බහුතරයක් දිනවල නොඅඩුව හිරු එළිය ලැබෙන රටක් වන ශ්‍රී ලංකාව තවමත් සූර්ය බලශක්ති භාවිතය අතින් ඉතාමත් පසුගාමී මට්ටමක පසුවීම කනගාටුවට කරුණකි.

2019 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව, 2017 වසරේදී පමණක් ශ්‍රී ලංකාව තෙල් ටොන් මිලියන 12.8 කට සමාන බලශක්ති ප්‍රමාණයක් පරිභෝජනය කර තිබේ. ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා භාවිතා වන ප්‍රධාන ඉන්ධනය ඛනිජ තෙල් (43%) ය. මීට අමතරව ජෛව බලශක්තිය (37%) සහ ගල් අඟුරු (11%) භාවිතා වේ. ඉදිරියේදී අවශ්‍යතාව වැඩි වීමට සමගාමීව මෙම ඉන්ධන භාවිතයන් තවදුරටත් ඉහළ යනු ඇත. ඉහත සඳහන් වාර්තාවට අනුව 2017 වසරේදී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 626 ක් වූ අතර, සතර දෙනෙකුගෙන් සමන්විත පවුලක සාමාන්‍ය මාසික බලශක්ති පරිභෝජනය කිලෝවොට් පැය 200 ඉක්මවයි. මෙම බලශක්තියෙන් අතිවිශාල ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ පොසිල ඉන්ධන දහනයෙනි. අවාසනාවකට වසර පුරාම අපට නොමිලයේ ලැබෙන සූර්ය බලශක්තිය නිසි ප්‍රයෝජනයක් නොගෙන අපතේ යයි.

ජාතියක් ලෙස එකට එක්වී, මේ අවාසනාවන්ත තත්ත්වය වෙනස් කරමින්, අපගේ පෘතුවිය ආරක්ෂා කරගැනීමට උපරිම වශයෙන් දායක විය යුතු බව අපි විශ්වාස කරමු. මෙම උත්සාහය යටතේ, ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි වල වහලවල් මත සූර්ය පැනල පද්ධති 100,000 ක් සවිකිරීම සඳහා වසර 5ක පහසු ගෙවීම් ක්‍රම යටතේ මුල්‍යාධාර ලබාදීම අපගේ ඉලක්කය වී ඇත. මෙහිදී තම ආයෝජනය වෙනුවෙන් පාරිභෝගිකයාට මාසිකව ගෙවීමට සිදුවන්නේ, ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගන්නා විට ගෙවීමට සිදුවන මාසික බිල්පතේ වටිනාකමට සමාන මුදලකි. මෙහිදී අතිරික්ත විදුලිය ජාතික විදුලි බල පද්ධතියට අලෙවි කිරීමෙන් අතිරේක ආදායමක්ද ලැබිය හැකි වන අතර, මෙමගින් ලැබෙන ලාභය කාලයත් සමග වර්ධනය වනු ඇත. පුනර්ජනීනය බලශක්ති පරිභෝජනය දිරිමත් කිරීම සඳහා CDB සමාගම දරන මෙම උත්සාහය, රජය විසින් තිරසාර අනාගතයක් උදෙසා ප්‍රකාශයට පත්කරන ලද ජාතික දැක්මටද සමගාමී වේ.

සූර්ය බලශක්තිය යනු ඵලදායී ආයෝජනයක් වන අතරම, එය අපගේ මූලික ඉලක්කයක් වන තිරසාරත්වය ළඟා කරගැනීමේදීද විශාල කාර්යභාරයක් ඉටුකරයි. CDB සමාගම තුළ පොසිල ඉන්ධන මගින් උත්පාදනය කරන ලද බලශක්තිය භාවිතා කිරීම සීමා කිරීමේ සැලසුමක් අප මේ වනවිට ක්‍රියාවට නංවා ඇති අතර, මේ යටතේ ඉදිරි වසර දෙක තුළ අපගේ ශාඛා වලින් 25% ක් පූර්ණ වශයෙන් සූර්ය බලශක්ති භාවිතයට යොමුවනු ඇත. මෙම උත්සාහයේ එක් වැදගත් පියවරක් වශයෙන්, රට පුරා පිහිටි CDB ශාඛා අතරින් ශාඛා 71 ක සූර්ය බලශක්ති පද්ධති සවිකෙරේ. මෙම ව්‍යාපෘතිය තුළදී ඇතැම් ස්ථාන සම්බන්ධයෙන් කාර්ය සම්පාදනමය ගැටලු පැනනැගීමට ඉඩ ඇතත්, එම ගැටලු ජයගෙන මෙම ව්‍යාපෘතිය සියයට සියයක් සාර්ථක කරගැනීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු.

පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය වෙත රජය ලබා දෙන දිරිගැන්වීම් ප්‍රයෝජනයට ගනිමින් ඒ වෙත වඩාත් නැඹුරු වීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි. අපගේ ගොඩනැගිලිවල ඇති අමතර විදුලි පංකාවක් හෝ විදුලි බුබුළු ක්‍රම-ක්‍රමයෙන්, නමුත් නිසැකවම ගෝලීය උෂ්ණත්වය 1.5 0C දක්වා ඉහළ යාමට බලපානවා සේම, අප අපගේ ග්‍රහලෝකය සහ අපගේ ප්‍රතිලාභ වෙනුවෙන් දැන් දරණ කුඩා ප්‍රයත්නයක් වුවද අනාගතයේදී විශාල යහපත් ප්‍රතිඵල ඇති කරනු ඇත.