CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන – 14 වන අදියර

2020 වසරේ 5 වසර ශිෂ්‍යත්වය හෝ සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ, ආර්ථික දුෂ්කරතා සහිත හෝ CDB රන්කැටි ඉතුරුම් ගිණුමක් හිමි ඔබගේ දුවට, පුතාට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සමගින් එක්වීමට ඉහත ආදර්ශ කුපනය පුරවා ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවි, සිටිසන් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී, අංක 123, ඔරාබිපාෂා මාවත, කොළඹ 10 යන ලිපින්නයට ඉක්මනින් යොමු කරන්න

සම්පුර්ණ කරන ලද අයදුම්පත සමඟ දරුවාගේ උප්පැන්න සහතික පිටපත, විදුහල්පතිතුමා සහතික කරන ලද විභාගා ප්‍රතිඵල සටහන, රන්කැටි ගිණුම් හිමියක් නම් පාස්පොතෙහි නම සඳහන් මුල් පිටුවේ ඡායා පිටපත, ආර්ථික අපහසුකම් ඇති අයෙක් නම් ඒ බව සහ ඔබේ මාසික ආදායම ග්‍රාම සේවක මහතා සහතික කල සහතිකයක් අමුණා එවිය යුතුය.

දෙමව්පියන්ගේ දුරකථන අංකය සහ දෙමව්පියන් පදිංචි ලිපිනය සඳහන් කිරීම අනිවාර්ය බව සලකන්න

අයදුම්පත Download කරගන්න