නිෂ්පාදන
CDB Advance
ඉතුරුම් සේවාවන්

ඔබේ වැටුපට ඔබ වෙනුවෙන් තවත් බොහෝ දේ කිරීමට අවස්ථාව සලසන CDB සැලරි ප්ලස්! ඔබේ මාසික වැටුපෙන්, මාසික වියදම් සහ ඔබේ අභිලාෂයන් කළමනාකරණය කිරීම කෙතරම් අසීරුදැයි අපි දනිමු. ඒ නිසාම ඔබ වෙනුවෙන්ම සැකසූ CDB සැලරි ප්ලස් මගින් ඔබේ මාසික වැටුපේ සීමාවන් අබිබවමින් ඔබට ඉහළටම යා හැකිය. ඔබේ සිහිනයන් පහසුවෙන් සඵල කරගැනීමටත්, අවශ්‍යතාවන්ට අනුව වඩාත් නම්‍යශීලීභාවයෙන් යුුතු ජීවන රටාවක් තවදුරටත් ඉදිරියට ගෙන යෑමටත් CDB සැලරි ප්ලස් මගින් ඔබට අවස්ථාව සලසා දේ.

අපූරු ප්‍රතිලාභ රැසක් සහ ඉහළ පොලී අනුපාතයක් සහිත සැබෑම ඉතුරුම් මගක් සමඟින් CDB රියල් ඉතුරුම්.

දිනපතා පොලී ගෙවන සුවිශේෂී ගිණුමක්…
හොඳ ව්‍යාපාරිකයෙකු යනු සෑම විටම තම ලාභය වර්ධනය කරගන්නෙකි. එනිසා ඔබේ ඉපැයුම් එකතැන රැඳෙන්න ඉඩ දෙන්නඑපා! CDB Platinum Saver ගිණුමක් අරඹා කෙටි කාලයක් සඳහා වුවද පොලියක් හිමිකරගන්න. අප වෙත පැමිණ හෝ අපට ඇමතුමක් ලබාදී ව්‍යාපාරක ඔබට වටිනා මේ සුවිශේෂී සේවාව ගැන දැනගන්න

ඔබේ ආදරණීයයන්ගේ සතුට සහ යහපත වෙනුවෙන් ජීවිත කාලයක් පුරා ඔබ සිදුකළ කැපවීම් අපි හොඳින් හඳුනන්නෙමු

CDB රන්කැටි, ළමා ඉතිරි කිරීමේ ගිණුම සමඟින් ඔබේ දරුවාටත් ඉසුරුමත් අනාගතයක් සුරක්ෂිත කරන්න. අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි විවිධ ඉතුරුම් සැලසුම් තුළින් CDB රන්කැටි, ඔබේ දරුවාටත් විස්මිත ප්‍රතිලාභ රැසක් ලබාදෙයි.
ණය සේවාවන්

ඔබගේ ආදරණීයයන් සමඟින් ලෝකය දැකීමට හෝ ඔබ සිහින මැවූ පරිපූර්ණ මංගල උත්සවයක අසිරිය විඳගැනීමට අවශ්‍ය ද?, එසේනම් අපගේ පුද්ගලික ණය විසඳුම් තුළින් දැන් ඔබගේ සියලු සිහිනයන් සැබෑ කරගැනීමට අවස්ථාව සැලසේ.

අදම ඔබගේ සිහින වාහනය රැගෙන යන්න. ලියාපදිංචි කළ සහ නොකළ වාහන සඳහා අපි ලීසිං සහ වාහන ණය පහසුකම් ලබාදෙන්නෙමු. ලියාපදිංචි නොකළ වාහන සඳහා වැට් ඉන්වොයිස් දීමනාවක් ලබාදිය යුතු බව කරුණාවෙන් සලකන්න.

ඔබ දකින සිහින නිවස අපි යථාර්තයක් බවට පත්කරන්නෙමු.
ඔබ ඔබගේ පළමු නිවස මිලදී ගැනීමට, නව නිවසකට යාමට, ඔබේම නිවසක් තැනීමට, දේපල ආයෝජනය කිරීමට හෝ වඩා හොඳ ගනුදෙනුවක් සඳහා සූදානම්ද? CDB නිවාස ණය මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින නිවහන යථාර්ථයක් බවට පත්කරගැනීමට අවස්ථාවක් ලබාදෙමින් බාධාවකින් තොරව පහසු නිවාස ණය පහසුකම් ලබාචීම සිදුකරයි.

ඕනෑම තැනක, ඕනෑම වේලාවක මූල්‍ය අවශ්‍යතාවයන් පැන නැගිය හැකි අතර ඇතැම් විට මතුවන දැඩි අවශ්‍යතාවයන් අවබෝධ කරගනිමින් CDB අවම පොලී අනුපාත යටතේ රන් ණය ලබාදෙයි. වේගවත් ගනුදෙනු නුවණින් යුතුව පවත්වාගනිමින් සහ 100% සම්පූර්ණ රහස්‍යභාවයේ විශ්වසනීය පොරොන්දුවක් අපි ඔබට ලබාදෙන්නෙමු. ඔබ නිසැකයෙන්ම අපගේ ආරක්ෂිත දෑත් මත රැඳී සිටී.

"ව්‍යාපාරික ණයකට වඩා වැඩියෙන්"
විශේෂ මග පෙන්වීම සහ තවත් බොහෝ අගයන් හා එකතු කළ සේවාවන් සමඟින් ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට අපි මූල්‍ය ආධාර ලබා දෙන්නෙමු.
ඔබේ ව්‍යාපාරයේ වර්ධනය උදෙසා ඔබට සරිලන ණය සහ වෙනත් විවිධ සේවාවන් ලබාගැනීමට අපි උදව් කරන්නෙමු.
CDB ව්‍යාපාරික ණය ඉතා නම්‍යශීලී වන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ කාර්මික හා ව්‍යාපාරවල අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කර ඇත.
වෙනත් සේවාවන්

CDB ආයතනික මූල්‍ය අංශය ලෙස අපි නිසි විභවතාව සහිත ව්‍යවසායකයින් හඳුනාගැනීමටත් ඔවුන් හා එක්ව කටයුතු කරමින් ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා දායකවීමටත් අප සතු විශේෂඥ දැනුම යොදවන්නෙමු. අප සතු ශක්තිමත් සම්පත් ජාලයත් ඔබටම අනන්‍ය වන ආකාරයට පිළිගැන්වෙන සේවාවනුත් හරහා ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට එය විසල් ශක්තියක් වනු ඇත.

CDB මීසාන් යනු ඉස්ලාමීය ෂරියා සංකල්පයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන CDB හි ඉස්ලාමීය මූල්‍ය නිපැයුමයි.

ඔබගේ සැබෑ මූල්‍ය ප්‍රමාණයට වඩා ඉහළින් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු කර ඇති කොටස් මිලදී ගැනීමට CDB මාජින් ට්‍රේඩින් ඔබට ආකර්ෂණීය ණය පහසුකම් ලබාදෙනු ලබයි. CDB සමඟින් අපගේ වේගවත් මූල්‍ය සේවාව සමඟින් ඔබටත් ආයෝජනයෙන් ඉහළ ප්‍රතිලාභයන් ලබාගක හැකිය.

ඔබගේ මුදල් හුවමාරු කිරීම දැන් අපි ඉතා පහසු ක්‍රමවේදයක් බවට පත්කර ඇත්තෙමු. බලයලත් මුදල් හුවමාරුකරුවෙකු ලෙසින් අපි බොහෝ විදෙස් මුදල් වර්ග ශ්‍රී ලංකාවේ රුපියල් බවට පරිවර්තනය කර හුවමාරු කරන්නෙමු.

Globally accepted money transferring system is now available with CDB.
ස්ථාවර තැන්පතු

නමුත් CDB ඔබට වඩාත් විශිෂ්ට සහ නව්‍ය මූල්‍ය විසඳුම් ලබාදෙමින් ඔබේ අභිලාෂයන් ඉටුකිරීමෙන් සිය සතුට භුක්ති විඳියි. “ධන සුරැකුම්” ස්ථාවර තැන්පතු එම බලාපොරොත්තු සහ සිහින සැබෑ කරගැනීමට ඔබව වඩාත් සමීප කරවන මාවතක් වන අතර, එම ගමනට ඔබට අවශ්‍ය දැනුවත් මූල්‍ය තීරණයන් ගැනීමට ඔබව බලගන්වයි.

විශ්‍රාම ජීවිතය අවිනිශ්‍චිතභාවයට පත්කළ හැකිය. නමුත් ඔබ CDB සමඟ නම් එසේ නොවේ! විශ්‍රාමයෙන් පසු උපරිම ආරක්ෂාව සහ ජීවිතයේ වඩාත් යහපත් ඉතිරිකිරීම් නිසා ලැබෙන පරිපූර්ණ විසඳුම් හේතුවෙන් ඔබට සෑහීමකට පත්විය හැකිවේ. “දීඝායු” ස්ථාවර තැන්පතුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඉතා උසස් ප්‍රතිලාභයන් රැසක් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිතවලට වටිනාමක් එක්කරයි.