
CDB Advance Roof Solar
සූර්ය බලශක්ති විසඳුම් තිරසාර අනාගතයක් වෙනුවෙන් කරන වටිනා ආයෝජනයක්
අරමුණ
දේශගුණ විපර්යාස මෙන්ම COVID-19 හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑම් වලින් මිදීමට නම් අපට සමස්ත ප්‍රවේශයක් මුල්කරගත් පැහැදිලි ප්‍රතිපත්ති අවශ්‍ය වේ. ඩිජිටල් නවෝත්පාදන සහ හරිත ආර්ථික ප්‍රතිපත්ති භාවිතයට ගැනීම තුළින් රටවල් වලට තම ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමටත්, පරිසරයට සංවේදී ව්‍යාපාර ආකෘති ඔස්සේ තිරසාර රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, පරිසර හිතකාමී ලෙස අනාගතයට පිවිසීමට නම් හරිත ආර්ථිකයක් ඉලක්ක කරගෙන හරිත ක්‍රමවේදයන් ඔස්සේ අර්බුද වලින් මිදීමට මගක් සොයාගැනීම අත්‍යවශ්‍ය වේ. වගකීම් සහගත සමාගමක් ලෙස මෙම මෙහෙවරට උරදීම සඳහා CDB ආයතනය තිරසාරත්වයට මුල්තැන දෙන වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවා ඇත.
ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන “CDB Advance” අංශය, තිරසාර බලශක්තිය, තිරසාර ප්‍රවාහනය, තිරසාර කෘෂිකර්මය, තිරසාර සංරක්ෂණය හා වනාන්තර ප්‍රතිසංස්කරණය සහ තිරසාර සංචාරක ව්‍යාපාරය යන අංශ 5 යටතේ නිෂ්පාදන හා සේවාවන් පෙළක් හඳුන්වා දී තිබේ. මෙහි පළමු අදියර යටතේ, වහල මත සවිකරන සූර්ය බලශක්ති විසඳුම් හඳුන්වා දීම සඳහා “CDB Advance Roof Solar” ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
CDB Advance සූර්ය බලශක්ති විසඳුම් පිළිබඳව
CDB Advance Roof Solar යනු බලශක්තියෙන් ස්වයංපෝෂිත සුහුරු ජීවන රටාවකට හුරුවීම සඳහා ඇති හොඳම විසඳුමයි. සූර්ය බලශක්තියට මාරු වන ඔබට විදුලි බිල්පත් ගෙවීම අවශ්‍ය නොවන අතර, දීර්ඝකාලීනව ආදායම් උපයා ගැනීමටද අවස්ථාව හිමි වේ. මෙම පහසුකම තුළින් ඔබට ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි අලෙවිකරුවන් වෙතින් නවතම සූර්ය බලශක්ති තාක්ෂණය සහ අලෙවියෙන් පසු සේවාව ලබාගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙන්ම, ඔබගේ ඉපැයුම් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම සඳහා විශේෂ ද්වාරයක් (Special Portal) භාවිතා කිරීමට අවස්ථාවද හිමි වනු ඇත.
මේ වනවිට මෙම වැඩසටහනේ තාක්ෂණික හවුල්කරු ලෙස අප සමග සම්බන්ධ වී සිටින්නේ Hayleys Solar සමාගමයි.
CDB Advance Roof Solar වෙතින් ඔබට:
• විශේෂ පොලී අනුපාත
• වසර 7 ක් දක්වා නම්‍යශීලී ආපසු ගෙවීමේ පහසුකම්
• මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ආයතනයක (Hayleys Solar) සේවාව
• විදුලි බිල්පත් නැත/ ආයෝජන සැලසුමක්
ප්‍රතිලාභ:
• විදුලි ගාස්තු නැත
• ඔබගේ අවශ්‍යතාවන්ට අනුව සැලසුම් කළ සේවාවක් ඔබ වෙතටම
• උපදෙස් හා ශක්‍යතා අධ්‍යයන වාර්තාව නොමිලේ
• පහසුවෙන් සවිකළ හැකි වීම
• පහසු ක්‍රියාපටිපාටි සමග අවම ලිපිලේඛන
• ඇපකර තැබීම හෝ ඔප්පු උකස් තැබීම අවශ්‍ය නැත
• ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය පහසු වීම [ලංකා විදුලිබල මණ්ඩලය හෝ ලංකා විදුලි (පුද්ගලික) සමාගම සමග ගනුදෙනු කිරීම අවශ්‍ය නැත]
• මූල්‍ය පහසුකමට අදාළ කාලසීමාව තුළ සුර්ය බලශක්ති පද්ධතියට රක්ෂණාවරණයක්
අවශ්‍ය ලිපිලේඛන
• ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
• පසුගිය මාස 3 ක විදුලි බිල්පත් වල පිටපත්
• ආදායම තහවුරු කරන සාක්ෂි
• රැකියාවල නියුතු පුද්ගලයන් – වැටුප් පත්‍රිකා 2 ක් සමග සේවායෝජකයා විසින් නිකුත් කරන ලද, වැටුප තහවුරු කිරීමේ ලිපියක්
• ව්‍යාපාරික ගනුදෙනුකරුවන් – ව්‍යාපාර ලියාපදිංචියේ පිටපතක් සමග පසුගිය මාස 6 සඳහා ගිණුම් ප්‍රකාශයක්
*නියමයන් හා කොන්දේසි සහිතයි
තාක්ෂණික හවුල්කරු පිළිබඳව
Hayleys Solar සන්නාමය යටතේ ක්‍රියාත්මක වන FENTONS LTD යනු Hayleys PLC හි පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම විශ්වාසය දිනූ ඉංජිනේරු සමාගමක් වන Hayleys Solar මෙරට විශාලතම සූර්ය බලශක්ති EPC කොන්ත්‍රාත්කරු ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක්ද ඇතුළුව එහි ව්‍යාපෘති වල සමස්ත ධාරිතාව මෙගාවොට් 35 කට අධික ය. සුදුසුකම් සපිරූ ප්‍රවීණ ඉංජිනේරුවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ සූර්ය බලශක්ති පද්ධති සැලසුම් කිරීම, සවිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සිදුකෙරේ.
Hayleys Solar මෙරට සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය තුළ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරමින් සිටී. උසස්ම තත්වයේ සූර්ය බලශක්ති PV පද්ධති නිෂ්පාදනය කිරීම සඳහා එම සමාගම ලොව අංක එකේ සූර්ය පැනල සහ ඉන්වර්ටර් නිෂ්පාදන සමාගම් සමග හවුල්කාරීත්වයන් ගොඩනංවාගෙන තිබේ. පසුගිය කාලය තුළ MAS Holdings, Brandix Apparels, Coca Cola සහ CBL Foods වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් Hayleys Solar හි පාරිභෝගිකයන් බවට පත්වී ඇති අතර Hayleys සමූහය තුළද මෙගාවොට් 5 කට අධික ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබේ.
• Hayleys තාක්ෂණික නිපුණත්වයෙන් බිහි වූ උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයක්
• ලොව ඉහළම තලයේ සූර්ය බලශක්ති සමාගම් හා එක්ව නිෂ්පාදන කටයුතු සිදුකරයි
• අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක්
නිෂ්පාදන සඳහා වගකීම
• Solar PV පැනල සඳහා වසර 12 ක නිෂ්පාදක වගකීමක්
• Solar PV පැනල සඳහා වසර 25 ක ක්‍රියාකාරීත්ව වගකීමක්
• ඉන්වර්ටරය සඳහා වසර 10 ක නිෂ්පාදක වගකීමක්
• CDB Advance Roof Solar සමඟින් වඩාත් තිරසාර ජීවන රටාවකට මාරු වන්න
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
ළහිරු (සූර්ය බලශක්ති මූල්‍ය පහසුකම් ප්‍රධානී) – 0772 68 39 39
ප්‍රසන්න (සූර්ය බලශක්ති මූල්‍ය පහසුකම් සම්බන්ධීකාරක) – 0774 41 22 34