CDB රන් ණය

CDB රන් ණය සේවාව මගින් ඔිනෑම කෙටිකාලීන හදිසි මූල්‍ය අවශ්‍යතාවයන් සදහා වේගවත්ව ඉහළම මුදලක් ලබාදීමට අපි ඔබට පහසුකම් සලසා දී ඇත්තෙමු. වසර 26කට වැඩි ඉතිහාසයක් සහිත සම්මානලාභී මුල්‍ය ආයතනයක් වන CDB, ඔබගේ වටිනා රන් භාණ්ඩ සදහා උපරිම ආරක්ෂාවක් ලබාදීමට ද සහතික වන අතරම රන් ණය සේවාව විශ්වාසවන්තව හා රහස්‍යභාවයෙන් සිදුකිරීමට දිවයින පුරා පිහිටි සියලුම ශාඛාවන් ඇතුලත ඔබටම වෙන් වූ ස්ථානයක් පිහිටුවා ඇත.

කෘෂි කර්මාන්තය සදහාම වූ රන් ණය

රටේ ජීවය බදු කෘෂි කර්මාන්තයේ උන්නතිය සදහා වෙහෙසෙන ගොවි මහතුන්ගේ හදිසි මුල්ය අවශ්යතා සදහා විශේෂයෙන් සකස් කල රන් ණය පහසුකම් මෙමගින් සපයයි. කන්න වාරික ක්රම වැනි මාස 12ක් දක්වා ආපසු ගෙවීමේ ක්රම සමගින් සහනදායි අඩුම පොලි අනුපාතයකට මුල්ය සේවා ලබා ගත හැකි අතර සෑම ගනුදෙනුවක් සමගම වටිනා තිළිණයක් ද හිමි වේ.

ධීවර කර්මාන්තය සදහාම වූ රන් ණය

කරදිය හා මිරිදිය මත්ස්ය කර්මාන්තයේ නියුතු ධීවරයන්ගේ හදිසි මුල්ය අවශ්යතා සදහා මෙමගින් පහසුකම් සලසන අතර මාස 12ක් දක්වා ආපසු ගෙවීමේ ක්රම සමගින් සහනදායි අඩුම පොලි අනුපාතයකට මුල්ය සේවා ලබා ගත හැකිය. මෙයට අමතරව සෑම ගනුදෙනුවක් සමගම වටිනා තිළිණයක් ද හිමි වේ.

CDB රන් ණය සේවාවේ සුවිශේෂි පුතිලාභ

රන් පවුමට ඉහලම අත්තිකාරමක්
පළමු මස පොලියෙන් භාගයක් ආපසු
විනාඩි 3න් මුදල් අතට
උපරිම විශ්වාසය
රන් භාණ්ඩ සදහා පුර්ණ ආරක්ෂාව
රන් ණය සේවාව පූර්ණ රහස්‍යභාවය සහිතව ඔබටම වෙන් වූ ස්ථානයක

අනෙකුත් ප්‍රතිලාභයන්

අවම පොලී අනුපාත සහිත පහසු ගෙවීමේ ක්‍රම.
පළපුරුදු කාර්යක්ශම කාර්ය මණ්ඩලයක් සහ නවීන ක්‍රම මඟින් තක්සේරු කිරීමේ හැකියාව.
සුහදශීලී රතු පලසේ රන් ණය උකස් සේවා.
පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව මෙන්ම රන් භාණ්ඩය කොටස් වශයෙන් ද බේරා ගැනීමේ හැකියාව
ඕනෑම CDB ශාඛාවකින් වාරික සහ පොලී ගෙවීම් සිදුකිරීමේ හැකියාව.
සියලූ‍ම ශාඛාවන් සදුදා සිට සිකුරාදා දක්වා (උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා) සහ සෙනසුරාදා දිනයන්හි උදෑසන 8:30 සිට දහවල් 2.00 දක්වා විවෘතව පැවතීම.

නිතර අසන ප්‍රශ්න

  1. රන් ණයක් යනු කුමක්ද?

    රන් ණයක් යනු ගනුදෙනුකරුවෙකු විසින් කැරට් 18 සිට 22 දක්වා විහිදෙන පරාසයක ඇති සිය රන් භාණ්ඩ උකසට තබමින් ණයහිමියෙකුගෙන් ලබා ගන්නා සුරැකුම් ලත් ණය මුදල වේ. මාසික වාරික ලෙස ආපසු ගෙවීමකට යටත්ව ලබාදෙන ණය මුදල වත්මන් වෙළෙඳපොළ වටිනාකම සහා රත්තරන්වල තත්ත්වය යන කාරණා මත ලබා දෙන රත්තරන්වල ප්‍රතිශතයකි.

    නිවාස ණය සහා වාහන ණය ක්‍රම මෙන් නොව අරමුණ සලකා බැලීමක් නොකරන අතර ණය භාවිතා කිරීමේදී ද කාලසීමාව අවසන් වන තෙක් කිසිඳු සීමා කිරීමකට යටත් නොවන නිසා මෙය හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා අතිශය සුදුසු වේ.

  2. මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

    සියලු අයදුම්කරුවන් තමන් උකසට තබන රත්තරන්වලට හිමිකම ඇති වයස අවුරුදු 18ට වැඩි අය විය යුතුය.

  3. මම CDB වෙතින් රන් ණයක් ලබා ගත යුත්තේ ඇයි?

    • පළමු මස පොලියෙන් භාගයක් ඔබ අතට
    • ඉහළ අත්තිකාරම
    • ඉක්මන් සහ පහසු ගනුදෙනු
    • නම්‍යශීලී මුදල් ආපසු ගෙවීමේ ක්‍රම
  4. රන් පවුමකට කොපමණ මුදලක් මට ලබා ගත හැකිද?

    රු. 178,000/= (24K සඳහා )

  5. පොලී අනුපාතිකය කොපමණද?

    1.5% සිට ඉහළට

  6. ලබා ගත හැකි අවම රන් ණය මුදල කොපමණද?

    රු. 2,500/=

  7. රන් ණය මුදල අනුමත වීමට කොපමණ කලක් ගත වේද?

    විනාඩි 03.

  8. රන් ණය ආපසු ගෙවීම සඳහා වන කාලය කොපමණද?

    අවම ණය කාලය මාසයකි. උපරිම ණය කාලය මාස 12ක් වේ.

  9. CDB රන් ණය සේවාව ලබාගත හැකි දිනයන් සහා වේලාවන්?

    සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වාත් සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වාත් සේවාව ලබාගත හැකිය.

  10. මගේ ණය වාරිකය මාසයක් මධ්‍යයේ ගෙවා දැමුවහොත් මුළු මාසයටම අදාළ පොලිය මගෙන් අය කරන්නේද?

    නැත. ණය පියවීමේ දිනය තෙක් පමණක් පොලිය අදාළ වේ.

  11. රන් ණයක් සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද?

    ජාතික හැඳුනුම්පත හෝ එවැනි වෙනත් අනන්‍යතාව තහවුරු කෙරෙන මධ්‍යයක්

  12. රන් ණයක් ලබා ගන්නා දිනයේම මගේ රන් භාණ්ඩ නිදහස් කරගැනීමට හැකි වේද?

    ඔව්.

  13. පූර්ව පියවීමේ ක්‍රමවේදයක් තිබේනම් අමතර ගාස්තු ඒ සඳහා අදාළ වේද?

    නැත.

  14. මම වාරික වශයෙන් ගෙවීම් සිදු කරන්නෙක් නම් මා විසින් ගෙවිය යුතු අවම වාරිකය කුමක්ද?

    පොලී මුදල් ප්‍රමාණය

  15. මගේ රන් ණය ලබා ගැනීමට පෙර බැංකු ශාඛාව දැනුවත් කළ යුතුද?

    නැත.

  16. අර්ධ වශයෙන් මගේ රන් භාණ්ඩ නිදහස් කර ගැනීමට හැකි වේද?

    ඔව්. ඔබ විසින් නිදහස් කර ගන්නා රත්තරන්වල වටිනාකමට සාපේක්ෂව ණය මුදලෙහි කොටසක් ආපසු ගෙවූ පසු එලෙස කළ හැකිය.

  17. ගෙවීම් කිරීම සඳහා ණය මුදල ලබාගත් ශාඛාවටම යා යුතුද?

    නැත.ඕනෑම CDB ශාඛාවකින් ගෙවීම් කල හැකිය.

  18. මගේ රන් ණය සඳහා අර්ධ ගෙවීමක් කළ හැකිද?

    ඔව්.

  19. අනෙකුත් ආයතනවල උකස් කළ භාණ්ඩ සීඩීබී විසින් පවරා ගන්නේද?

    ඔව්.

  20. CDB විසින් tube භාණ්ඩ අනුමත කරනේද?

    ඔව්.

  21. රන් ණයක් සඳහා තැබියයුතු ඇපය කුමක්ද?

    කැරට් 18ට වැඩි ඕනෑම රන් භාණ්ඩයක් ඇපයක් ලෙස තැබිය හැකිය.

  22. CDB විසින් මගේ රන් භාණ්ඩවල සුරක්ෂිතභාව තහවුරු කරන්නේ කෙසේද?

    උකස් කළ රන් භාණ්ඩ පැය 24 පුරා ආරක්ෂා කෙරෙන අතර සම්පූර්ණ රක්ෂණ ආවරණයක් ඇත.

  23. මට මගේ රන් ණය සඳහා කොටස් වශයෙන් ගෙවීම් කළ හැකිද?

    ඔව්. සම්පූර්ණ ණය මුදලෙන් කොටසක් ගෙවීමෙන් එය කළ හැකිය. එවැනි ගෙවීමකින් පසු ගෙවීමට ඇති ණය මුදලෙහි ශේෂය මත පමණක් අනාගතයේ පොලිය අය කිරීමේ වාසිය ඔබ සතුඅය. එමෙන්ම ගෙවන ලද ණය මුදලට සාපේක්ෂව ඔබගේ රන් භාණ්ඩ/ආභරණ වලින් කොටසක් නිදහස් කර ගැනීම පිළිබඳව ඔබට තීරණය කල හැකිය.

වැඩි විස්තර සඳහා විමසන්න

කරුණාකර, ඔබ ඇමතීම සඳහා පහත සඳහන් තොරතුරු සපයන්න: