
CDB ප්ලැටිනම් සේවර් (CDB Platinum Saver)
ගිණුමට දිනපතාම පොලියක් සමඟින් CDB ප්ලැටිනම් සේවර්! හොඳ ව්‍යාපාරිකයෙකු යනු සෑම විටම ලාභය උපරිම ලෙස ලබාගත හැකි කෙනෙකි. එබැවින් ඔබගේ ඉපැයීම නිශ්ඵල වීමට ඉඩ නොතබමින් CDB ප්ලැටිනම් සේවර් ගිණුමක මුදල් තැන්පත් කර කෙටි කාලයක් සඳහා මුදල් උපයාගන්න.
තැන්පතු මුදල | පොලී අනුපාතය |
---|---|
100,000/-ට වැඩි | 8.00% |
100,000/-ට අඩු | 3.00% |
*සැලකිය යුතුයි: CDB ප්ලැටිනම් සේවර් ගිණුම සඳහා අවම තැන්පතුව: 100,000/-
ගිණුමේ ප්‍රතිලාභ මොනවාද?
- 8.00% ක ඉහළ වාර්ෂික පොලී අනුපාතයක්
- ස්ථාවර නියෝග නොමිලේ
- ඕනෑම විටෙක මුදල් ආපසු ගැනීමේ හැකියාව
- ATM ජාල පහසුකම්
- නොමිලේ අන්තර්ජාල බැංකුකරණය
- CDB VISA ඩෙබිට් කාඩ්පතක්
විවෘත කළ හැක්කේ කා හටද?
ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?
- දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න.
මුදල් ආපසු ගන්නේ කෙසේද?
- CDB වීසා ඩෙබිට් කාඩ්පත භාවිත කරමින් ඕනෑම VISA ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත හැක
- අපගේ ඕනෑම ශාඛාවක මඟින් ද මුදල් ලබාගත හැක
(එසේ කවුන්ටරයෙන් මුදල් ලබාගැනීමේදී ඔබගේ බැංකු පාස් පොත, ජාතික හැඳුනුම්පත සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද මුදල් ආපසුගැනීමේ ලදුපත අවශ්‍ය වේ.)
ඔබ ආසන්නයේම පිහිටි ශාඛාව ගැන දැනගන්න
නව ගිණුමක් සඳහා වූ අයදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න
*කොන්දේසි සහ නියමයන් අදාළ වේ
විමසන්න
සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (lka)/ RWN – Fitch Rating. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.