CDB Salary Plus

ඔබේ වැටුපට ඔබ වෙනුවෙන් තවත් බොහෝ දේ කිරීමට අවස්ථාව සලසන CDB සැලරි ප්ලස්! ඔබේ මාසික වැටුපෙන්, මාසික වියදම් සහ ඔබේ අභිලාෂයන් කළමනාකරණය කිරීම කෙතරම් අසීරුදැයි අපි දනිමු. ඒ නිසාම ඔබ වෙනුවෙන්ම සැකසූ CDB සැලරි ප්ලස් මගින් ඔබේ මාසික වැටුපේ සීමාවන් අබිබවමින් ඔබට ඉහළටම යා හැකිය. ඔබේ සිහිනයන් පහසුවෙන් සඵල කරගැනීමටත්, අවශ්‍යතාවන්ට අනුව වඩාත් නම්‍යශීලීභාවයෙන් යුුතු ජීවන රටාවක් තවදුරටත් ඉදිරියට ගෙන යෑමටත් CDB සැලරි ප්ලස් මගින් ඔබට අවස්ථාව සලසා දේ.

ප්‍රතිලාභ මොනවාද?

  • 4.00% දක්වා පොලිය
    • වාර්ෂික පොලී අනුපාත:
      ඉතුරුම් මුදල පොලී අනුපාතය
      රු. 100,000/- ට වැඩි 3.00%
      Rs. 1 – 99,999 2.50%
  • ස්ථාවර නියෝග පහසුකම
  • CDB VISA ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පත
  • CDBiNet අන්තර්ජාල මූල්‍ය සේවාව නොමිලේ
  • ඔබගේ වැටුප ඔබගේ ගිණුමට පැවරීවම් පහසුව
  • අවම රු.500/- ක මුදල් තැන්පතුවකින් ගිණුමක් විවෘත කරන්න

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

 

  • ශ්‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකු
  • අවම තැන්පතුව: රු. 500

ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?

  • දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න

මුදල් ආපසු ලබාගන්නේ කෙසේද?

  • ඔබේ CDB VISA ඩෙබිට් කාඩ්පත භාවිතා කර ඕනෑම VISA ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගත හැක.
  • අපගේ ඕනෑම ශාඛාවක කවුන්ටර් මගින් ද මුදල් ලබාගත හැක.

(එසේ කවුන්ටරයෙන් මුදල් ලබාගැනීමේදී ඔබේ පාස්පොත, ජාතික හැඳුනුම්පත සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද මුදල් ආපසුගැනීමේ ලදුපත අවශ්‍ය වේ.)

ඔබ ළඟම ඇති ශාඛාව වෙත පිවිසෙන්න.
නව ගිණුමක් සඳහා අයදුම්පත බාගත කරගන්න.

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (Ika), Outlook Stable – Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.