
CDB දීඝායු ඉතුරුම් ගිණුම
ඔබේ ආදරණීයයන්ගේ සතුට සහ යහපත වෙනුවෙන් ජීවිත කාලයක් පුරා ඔබ සිදුකළ කැපවීම් අපි හොඳින් හඳුනන්නෙමු. ඔබේ එම කැපවීම අගය කරමින් අගනා ප්‍රතිලාභ රැසක් සමඟින් ඔබේ ඉතුරුම් ගිණුමට ඉහළ පොළියක් ලබාදීමට CDB අපි කටයුතු කරන්නෙමු. අප වෙත පැමිණ හෝ අපට ඇමතුමක් ලබාදී මේ සුවිශේෂී සේවාව ගැන දැනගන්න.
ගිණුමේ ප්‍රතිලාභ මොනවාද?
- 12%ක ඉහළ පොලී අනුපාතයක්
- සේවය සැලසීමේදී ප්‍රමුඛතාව
- ඕනෑම විටෙක මුදල් ආපසු ගැනීමේ හැකියාව
- ATM ජාල පහසුකම්
විවෘත කළ හැක්කේ කා හටද?
- ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ඕනෑම අයෙකුට
- අවම තැන්පතුව: රු. 500
ආරම්භ කරන්නේ කෙසේද?
- දිවයින පුරා ඇති අපගේ ඕනෑම ශාඛාවකට පිවිසීමෙන් හෝ +94 117 388 388 දුරකථන අංකය ඇමතීමෙන් (නිවසටම සේවාව ලබාගැනීම සඳහා)
මුදල් ආපසු ගන්නේ කෙසේද?
- CDB වීසා ඩෙබිට් කාඩ්පත භාවිත කරමින් ඕනෑම VISA ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත හැක
- ඕනෑම ශාඛාවක මුදල් කවුන්ටරයෙන් (මේ සඳහා පාස්පොත, ජාතික හැඳුනුම්පත සහ නිවැරදිව පුරවන ලද මුදල් ආපසු ගැනීමේ පෝරමය අවශ්‍ය වේ)
ඔබ ළඟම ඇති ශාඛාව වෙත පිවිසෙන්න.
නව ගිණුමක් සඳහා අයදුම්පත බාගත කරගන්න.
*කොන්දේසි සහ නියමයන් අදාළ වේ
විමසන්න
සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (lka)/ RWN – Fitch Rating. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්රී ලංකා තැන්පතු රක්ෂණ ක්රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.