දීඝායු ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු

විශ්‍රාම ජීවිතය අවිනිශ්‍චිතභාවයට පත්කළ හැකිය. නමුත් ඔබ CDB සමඟ නම් එසේ නොවේ! විශ්‍රාමයෙන් පසු උපරිම ආරක්ෂාව සහ ජීවිතයේ වඩාත් යහපත් ඉතිරිකිරීම් නිසා ලැබෙන පරිපූර්ණ විසඳුම් හේතුවෙන් ඔබට සෑහීමකට පත්විය හැකිවේ. “දීඝායු” ස්ථාවර තැන්පතුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඉතා උසස් ප්‍රතිලාභයන් රැසක් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිතවලට වටිනාමක් එක්කරයි.

ආකර්ෂණීය පොලී අනුපාත

 
කාල සීමාව මාසික පොලිය කල්පිරීමේදී පොලිය වා.ස.පො. මාසිකව වා.ස.පො. කල්පිරීමේදී
මාස 1 8.00% 8.30%
මාස 3 8.25% 8.75% 8.57% 9.04%
මාස 6 8.50% 9.25% 8.84% 9.46%
මාස 12 9.00% 9.50% 9.38% 9.50%
මාස 18 9.00% 10.00% 9.38% 9.77%
මාස 24 9.00% 10.00% 9.38% 9.54%
මාස 36 9.00% 10.50% 9.38% 9.56%
මාස 48 9.00% 11.00% 9.38% 9.54%
මාස 60 9.00% 11.00% 9.38% 9.16%
 

ස්ථාවර තැන්පතුව ගණනය කිරීමට ක්ලික් කරන්න

ඔබට හිමිවන ප්‍රතිලාභයන් මොනවාද?

  • ආකර්ෂණීය පොලී අනුපාත
  • මාසික ආදායමක් උපයාගැනීමට අවස්ථාව
  • කල්පිරීමේදී ලැබෙන පොලිය එකතු කිරීමෙන් හෝ මුළු මුදල පමණක් අලුත් කරමින් ස්ථාවර තැන්පතු අලුත් කිරීමේ ක්‍රමවේදයන් සහිත වීම
  • මාසිකව, කාර්තුමය, ද්වීවාර්ෂිකව, වාර්ෂිකව හෝ කල්පිරිමේදී පොලිය ලබාගත හැකිය
  • ස්ථාවර තැන්පතු වටිනාකමෙන් 90% දක්වා මුදල් ඇප ණය පහසුකම්
  • ඉතිරි කිරීමේ ගිණුම්, ණය පහසුකම් සහ ලීසිං පහසුකම් වැනි වෙනත් මූල්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව.
  • දොරින් දොර (door-step) සේවාව
  • CDBiNet අන්තර්ජාල මූල්‍යමය පහසුකම් වෙත සෘජුව පිවිසුම

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

  • ශ්‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වැඩි ඕනෑම පුද්ගලයෙකු
  • අවම තැන්පතු මුදල රු.5,000/-

ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?

  • දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න
  • ඔබ දැනටමත් අපගේ ගනුදෙනුකරුවකු නම් CDBiDeposit භාවිතා කර CDBiNet හරහා ස්ථාවර තැන්පතු විවෘත කළ හැක

ඔබ ළඟම ඇති ශාඛාව වෙත පිවිසෙන්න.
ස්ථාවර තැන්පතු අයදුම්පත බාගත කරගන්න.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

විමසන්න






* අනිවාර්යයි

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ, ණය ශ්‍රේණිගත කිරීම – BBB (Ika), Outlook Stable – Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් අවසරලත් බලපත්රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.