40 වැනි වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී ඉනිම CDB කණ්ඩායමට
40 වැනි වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) විශිෂ්ට දක්ෂතා දක්වා ජයග්‍රහණ මාලාවක් සමඟ ශ්‍රී ලංකාවේ ඉහළම ආයතනික ක්‍රීඩා තරඟකරුවන් අතරින් සිය ජයග්‍රහණ තහවුරු කර ගැනීමට සමත් විය. CDB කණ්ඩායම දැක්වූ කැපී පෙනෙන තරඟ වාර්තාවලට අනුව, ඉහළ ම දක්ෂතා දැක්වූ CDB ශූරයන් සමස්ත ශ්‍රේණිගත කිරීම් වලදී ඉහළින් ම සිටි අතර එයින් ගම්‍ය වූයේ මලල ක්‍රීඩාවේ දක්ෂතා සහ මලල ක්‍රීඩා සංස්කෘතිය පෝෂණය කිරීම සඳහා CDB හි කැපවීමයි.
මෙම වසරේ තරඟාවලියේ දී CDB ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට සමත් විය. භක්ති විජේසිංහ වයස අවුරුදු 30 න් ඉහළ කාන්තා තුන් පිම්ම ඉසව්වේ මීටර් 8.85 ක දුරක් වාර්තා කරමින් නව තරඟ වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, ගයාන් තන්තිරිගේ වයස අවුරුදු 30 න් ඉහළ මීටර් 200 ඉසව්ව තත්පර 23.68 ක කෙටි කාලයකදී වාර්තාව අලුත් කිරීමට සමත් විය.
ශූරතා කාණ්ඩයේ ඒ. පී. ක්‍රිෂාන්දන් මීටර් 7.18 ක් වාර්තා කරමින් නව දුර පැනීමේ වාර්තාවක් පිහිටවූ අතර, උමායා රත්නායක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් තත්පර 57.87 ක අවම කාලයක් වාර්තා කරමින් CDB හි ශූරතා වාර්තාවට එක් විය. මේ අතර, ආධුනික කාණ්ඩයේ දී, තිවියන් පුවිකා මීටර් 110 කඩුලු පැනීමේ වාර්තාව තත්පර 17.30 කින් තහවුරු කර ගත්තාය.
මෙයට සමගාමී ව CDB කණ්ඩායමේ සම සාමාජිකයන් ජයග්‍රහණ කිහිපයක් ම අත්පත් කර ගත්හ. භක්ති විජේසිංහ වයස අවුරුදු 30 ට වැඩි කාන්තා අංශයේ හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මානය දිනා ගත්තාය. එමෙන්ම A.P. ක්‍රිෂාන්දන් හොඳම ක්‍රීඩකයා යන ශූරතාවයත්, සමස්ත තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ශූරතාවයත් යන ද්විත්ව ශූරතා දිනා ගනිමින් ක්‍රීඩාවලිය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වීම, CDB කණ්ඩායමට ශක්තියක් විය. අඛණ්ඩව තුන්වන වරටත් CDB කණ්ඩායම විසින් හොඳම ක්‍රීඩකයා ශූරතාවය දිනා ගැනීමට සමත් වීම, ඔවුන්ගේ කැපවීම සහ ශක්තියෙන් ලද සුවිශේෂී ජයග්‍රාහණයකි.
තරඟකාරී ආයතන 51 කට වැඩි සංඛ්‍යාවක් අතරින් ලකුණු 165 ක් ලබා ගනිමින් CDB කණ්ඩායම, 5 වන ස්ථානයට පත් වූ අතර, CDB කණ්ඩායමේ සාමූහික කැපවීම සහ උත්සහය මත ජයග්‍රාහී ප්‍රතිඵල ලැබීමට ඔවුන් සමත් විය. ශූරතා කාණ්ඩයේ කාන්තා සහ පිරිමි සමස්ත ශූරතා දෙකම දිනා ගනිමින් ක්‍රීඩා සංචිතයේ අනුකූලතාව සහ තරඟකාරී ස්භාවය යළි යළිත් තහවුරු කිරීමට CDB සන්නාමයට හැකි විය.
40 වැනි වෙළඳ සේවා මලල ක්‍රීඩා තරඟාවලියේදී CDB සංවිධානාත්මක ව ලැබූ සාර්ථකත්වය මලල ක්‍රීඩා ජයග්‍රහණයට වඩා වැඩි යමක් පිළිබිඹු කරයි. එහිදී මනාව ප්‍රගුණ කළ ක්‍රීඩා කුසලතාවය සහිත වෘත්තිකයන් සංවර්ධනය කිරීම, ක්‍රීඩශිලීත්වය පෝෂණය කිරීම සහ තම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ භූමිකාවන්ට වඩා විශිෂ්ට කුසලතා දැක්වීම කෙරේ බලගැන්වීම සඳහා CDB හි කැපවීම ඉස්මතු වී පෙනීම විශේෂත්වයකි. කණ්ඩායම් හැඟීම සහ ගුණාත්මකභාවයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පෙනී සිටීමෙන්, CDB ක්ෂේත්‍රය තුළ සහ ඉන් පිටත සමෘද්ධිමත් වන ජයග්‍රාහී සංස්කෘතියක් දිගින් දිගටම පෝෂණය කරගෙන යාම මේ හරහා දක්නට ලැබීම ධණාත්මක සලකුණක් වේ.
