CDB Seamless Banner

CDB Seamless

CDB Seamless

CDB Seamless යනු CDB සමඟ පවතින ඔබගේ සබඳතාවය සහ මූල්‍යමය තත්වය මත පදනම්ව, සුදුසුකම් ලැබූ දැනට සිටින පාරිභෝගිකයින්ට අමතර මූල්‍ය පහසුකම් ක්ෂණිකව ලබාදෙන නව්‍ය ඩිජිටල් ණය විසඳුමකි.

ඔබගේ මූල්‍ය අවශ්‍යතා සඳහා අමතර මුදල් පහසුකම් දැන් ජංගම දුරකතනය හරහා ඉතා පහසුවෙන් ලබාගත හැකියි. හදිසි ව්‍යාපාරික ගනුදෙනුවක් අවසන් කිරීම, හදිසි වියදමක් කළමනාකරණය කිරීම, කාලෝචිත මිලදී ගැනීමක් සිදු කිරීම වැනි ඕනෑම අවස්ථාවක, ඔබට අවශ්‍ය මොහොතේම අමතර මූල්‍ය පහසුකම් ලබා ගැනීමට CDB Seamless ඔබට ඉඩකඩ විවර කරදෙනු ලබයි.

මෙම සේවාව ලබා ගැනීම සඳහා පූර්ව අනුමැතිය හිමි ගනුදෙනුකරුවන්ට SMS පණිවිඩයක් මඟින් ඒ බව දැනුම් දෙන අතර, එම පහසුකමට CDB SELF App හරහා ප්‍රවේශ විය හැක. වැඩිදියුණු කළ ආරක්ෂාව සඳහා, අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ පිටුවට ප්‍රවේශය ලබා දෙනු ලබන්නේ App එක තුළ ඇති ආරක්ෂිත සබැඳියක් මඟිනි. එමඟින් සරල පියවර කිහිපයක් හරහා ඉල්ලීම පහසුවෙන් සම්පූර්ණ කළ හැකිය.

ඉල්ලීම සකස් කර අනුමත කිරීමෙන් පසු, අනුමත කළ මුදල් ඔබගේ CDB ඉතිරිකිරීමේ ගිණුමට සෘජුවම බැර කරනු ලැබේ. නැවත නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම, දිගු ලේඛන ක්‍රියාවලීන් හෝ ශාඛා වෙත පැමිණීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නොමැත. CDB හි ඩිජිටල් මූල්‍ය සේවා පිළිබඳ විශේෂඥතාවය මත ගොඩනැගුණු CDB Seamless, ආරක්ෂිත, සම්පූර්ණයෙන්ම ඩිජිටල් සහ කඩදාසි රහිත අත්දැකීමක් ලබාදෙමින්, ඔබගේ පූර්ව අනුමත මූල්‍ය පහසුකම ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ලබා ගැනීමට හැකියාව විවර කරදෙයි.

CDB Seamless තෝරාගත යුත්තේ ඇයි?

සම්පූර්ණයෙන්ම ඩිජිටල්

සම්පූර්ණයෙන්ම ඩිජිටල්

SMS දැනුම්දීම්වල සිට e-Documents දක්වාත්, CDB SELF App හරහා පහසු ප්‍රවේශය දක්වාත් සියල්ල CDB හි ආරක්ෂිත ඩිජිටල් වේදිකාව මඟින් කළමනාකරණය කරනු ලැබේ. එමඟින් ඔබගේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල, වේගවත් සහ සම්පූර්ණයෙන්ම කඩදාසි රහිත අත්දැකීමක් බවට පත්වේ.

ඔබට අවශ්‍ය ආකාරයට භාවිතා කරන්න

ඔබට අවශ්‍ය ආකාරයට භාවිතා කරන්න

පුද්ගලික අවශ්‍යතා, වාහන සම්බන්ධ වියදම් හෝ ව්‍යාපාර වර්ධනය ඇතුළු ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව මෙම මුදල් භාවිතා කළ හැකිය.

කොන්දේසි හා නියමයන්

  • CDB Seamless සඳහා සුදුසුකම් ලැබීම CDB හි සම්මත කොන්දේසි හා නියමයන්ට යටත් වේ.
  • පොලී අනුපාත, ණය කාලසීමා සහ පහසුකම් ප්‍රමාණයන් CDB හි පවතින ප්‍රතිපත්ති සහ නියාමන මාර්ගෝපදේශ අනුව තීරණය කරනු ලැබේ.
  • ගනුදෙනුකරුවන් ඉලෙක්ට්‍රොනික ලේඛන සහ දැනුම්දීම් පිළිගැනීමට එකඟ විය යුතු අතර, පහසුකම තහවුරු කිරීමට පෙර සියලුම ලේඛන බාගත කර කියවා බලා තහවුරු කළ යුතුය.
  • යතුරුපැදි හැර අනෙකුත් සියලුම වාහන සඳහා මෙම පහසුකමට සුදුසුකම් ලැබීමට අවම වශයෙන් වසරක කාලයක් ලීසිං වාරික නිසි පරිදි ගෙවා තිබිය යුතුය.

නිතර අසන ප්‍රශ්න (FAQs)

CDB Seamless යනු සුදුසුකම් ලැබූ දැනට පවතින ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ CDB සමඟ ඇති සබඳතාවය සහ මූල්‍ය තත්වය මත පදනම්ව අමතර මුදල් පහසුකම් ක්ෂණිකව ලබා ගැනීමට හැකි විශේෂ ණය පහසුකමකි.

CDB සමඟ පවතින සබඳතාවය, වාරික ගෙවීම් ඉතිහාසය සහ සමස්ත මූල්‍ය තත්වය මත පදනම්ව CDB විසින් පූර්ව අනුමැතිය ලබාදෙන තෝරාගත් දැනට පවතින ගනුදෙනුකරුවන්ට මෙම පහසුකම ලබා ගත හැකිය.

මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබන්නේ පූර්ව අනුමැතිය ලැබූ ගනුදෙනුකරුවන් පමණි. පූර්ව අනුමැතිය ලැබීමෙන් පසු SMS පණිවිඩයක් මඟින් දැනුම් දෙන අතර, CDB SELF App හරහා ප්‍රවේශය ලබා ගත හැකිය. අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ආරක්ෂිත සබැඳිය SELF App තුළ ලබා දෙන අතර, එය ඔබව විශේෂිත ආරක්ෂිත වෙබ් පිටුවකට යොමු කරනු ඇත.

ඔබගේ ඉල්ලීම සාර්ථකව සකස් කර අනුමත කිරීමෙන් පසු, අනුමත කළ මුදල් ඔබගේ CDB ඉතිරිකිරීමේ ගිණුමට සෘජුවම බැර කරනු ලැබේ.

පුද්ගලික අවශ්‍යතා, වාහන සම්බන්ධ වියදම්, ව්‍යාපාර වර්ධනය හෝ ඔබගේ ප්‍රමුඛතාවයන් අනුව විවිධ අවශ්‍යතා සඳහා මෙම මුදල් භාවිතා කළ හැකිය.

නැත. මෙම අමතර පහසුකම CDB හි පවතින පොලී අනුපාත, කොන්දේසි සහ නියමයන්ට යටත් වන අතර, ඒවා ගනුදෙනුකරුගේ පුර්ව වාර්තා, නියාමන මාර්ගෝපදේශ සහ අභ්‍යන්තර ණය ප්‍රතිපත්ති අනුව වෙනස් විය හැකිය.

ඔව්. SMS දැනුම්දීම්, CDB SELF App, ආරක්ෂිත වෙබ් අයදුම්පත් ක්‍රියාවලිය සහ e-Documents ඇතුළුව සම්පූර්ණ ගමනම CDB හි ආරක්ෂිත ඩිජිටල් වේදිකාව හරහා ක්‍රියාත්මක වන අතර, එය සම්පූර්ණයෙන්ම ඩිජිටල් සහ කඩදාසි රහිත අත්දැකීමකි.

logo