CDB, VEGA Innovations සමඟ එක්ව e-Shift ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථ 7 ක් තංගල්ල Anantara Peace Haven හෝටලය වෙත පිරිනමන ලදී.

Citizens Development Business Finance PLC (CDB) සහ VEGA Innovations එක්ව, සංචාරක ක්ෂේත්‍රයේ තිරසාර ප්‍රවාහන පද්ධතියක් නඟා සිටුවීමේ අරමුණින්, තංගල්ල Anantara Peace Haven හෝටලය වෙත එහි එදිනෙදා ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම වෙනුවෙන් e-Shift ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථ පිරිනමන ලදී. මේ හරහා ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථ 7ක් එම හෝටල් කළමනාකාරිත්වය වෙත ලබා දෙන ලදී. මෙම කර්තව්‍යය මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට සහ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධ පුර්ණ සේවා පද්ධතියක් ප්‍රවර්ධනය කිරීමටද රුකුලක් වනු ඇත. ත්‍රී රෝද රථ පිරිනැමීම තංගල්ල Anantara Peace Haven හෝටල් පරිශ්‍රයේ සිදු වූ අතර, මෙම අවස්ථාව පෞද්ගලික අංශයේ ප්‍රථම e-Shift හවුල්කාරී සහයෝගීතාවය සනිටුහන් කරන ලදී.

e-Shift යනු, තිරසාර ප්‍රවාහන පද්ධතීන් ප්‍රවර්ධනය කිරීමට CDB සහ එහි තාක්ෂණික සහකරුවා වන VEGA Innovations එක්ව ගත් පියවරකි. එය සමස්ථ ප්‍රවාහන පද්ධතියේ මතු දියුණුවට මෙන්ම තිරසර බව ඇති කිරීමටද ඉවහල් වනු ඇත. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය මූලික වශයෙන් රඳා පවතින්නේ ෆොසිල ඉන්ධන මතය. මෙරට ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මිලියන 1.5ක් ඉක්ම වූ ත්‍රී රෝද රථ සංඛ්‍යාවක් රට පුරා භාවිතා වන අතර ඒවාද ඉලෙක්ට්‍රික් පරිවර්තන ක්‍රියාවලියට එක් කළ යුතුව තිබේ. CDB හි තිරසර න්‍යාය පත්‍රයට අනුව, මෙම ඉලෙක්ට්‍රික් වාහන භාවිතය දේශගුණික හදිසි බලපෑම් අවම කිරීමට දිගුකාලීන විසදුමක් සේම අප සමාගමේ Net Zero ගමන් මගටද රුකුලක් වනු ඇත.

CDB සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසුවේ, මෙය CDB සහ VEGA Innovations සාමුහිකත්වයේ ප්‍රථම පෞද්ගලික සහයෝගිතා හවුල්කාරිත්ව සංකල්පය බවත්, එය මෙරට තිරසර ප්‍රවාහන පද්ධතියක් බිහි කිරීම වෙනුවෙන් සිදු වූ බවත්‍ ය. Smart සහ Sustainable ශ්‍රී ලංකාවක් සවිබල ගන්වමින් CDB යන ගමන් මගේදි, තංගල්ල Anantara Peace Haven සමඟ ආරම්භ කරන ලද මෙම කර්තව්‍යය සංචාරක කර්මාන්තයට පමණක් නොව අනෙකුත් කර්මාන්ත සඳහා ද මනා ආදර්ශයක් සපයනු ඇති බවද ඒ මහතා පැවසීය. තවද, දැනුම හුවමාරු කර ගැනීම සඳහා කැපවී සිටින වගකිවයුතු ආයතනයක් ලෙස, CDB විසින් තිරසාර ප්‍රවාහන පද්ධතීන් ප්‍රවර්ධනය සඳහා මාවත සකසා ඇති ආකාරයටම, රට හරිත ආර්ථිකයක් කරා ගෙන යාමට විකල්ප බලශක්තීන් ප්‍රවර්ධනය සඳහා අනෙකුත් ආයතනයන් පෙරමුණ ගැනීම w;HjYH බවද නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

VEGA Innovations හි සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා පැවසුවේ, CDB සමඟ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දි e-Shift Concept Centre දියත් කළ බවත්, එය ත්‍රී රෝද රථ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට මුල පිරූ බවත් ය. “නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින අපගේ අරමුණ, හුදෙක් විසඳුම් නිර්මාණය පමණක් නොව, හරිතවත් පරිසරයක් කරා මාවතක් සකස් කිරීමයි. නව්‍ය ඉලෙක්ට්‍රික් වාහන විසඳුම් සමඟින්, මෙම පරිසර හිතකාමී විප්ලවය සඳහා අප සමඟ එක්වන ලෙස අපි ශ්‍රී ලංකාවේ ආයතනයන්ට ආරාධනා කරමු. එක්ව, අපි තිරසාර ප්‍රවාහන පද්ධතීන් දිරිමත් කරමින් අනාගත පරම්පරාවන් සඳහා කල්පවත්නා බලපෑමක් ඇති කරමු” යනුවෙන් සුබසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

තංගල්ල Anantara Peace Haven හි සාමාන්‍යාධිකාරී රොබර්ටෝ සිමෝනෙ මහතා පැවසූවේ, CDB සහ VEGA Innovations එක්ව ප්‍රථම වතාවට මෙම e-Shift ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථ හඳුන්වා දීම සමඟ ශ්‍රී ලංකාවේ හෝටල් ක්‍ෂේත්‍රයේ මෙම නව්‍ය මුලපිරීම සඳහා පුරෝගාමී වීමට ලැබීම ගැන ආඩම්බර වන අතර, තිරසාර බව සඳහා අඛණ්ඩ නවෝත්පාදනයන් ගැන දැඩි විශ්වාසක් සහ අගය කිරිමක් නිරතුරුවම තමන් සතුව ඇති බවයි.

CDB සහ VEGA Innovations එක්ව තංගල්ල Anantara Peace Haven වෙත e-Shift ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථ 7ක් පිරිනැමීම

 

CDB සමාගමේ විධායක අධ්‍යක්ෂ / නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා සහ තංගල්ල Anantara Peace Haven හි සාමාන්‍යාධිකාරී රොබර්ටෝ සිමෝනෙ මහතා අතර e-Shift ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථ ලබා දීමේ ගිවිසුම් අත්සන් කිරීම. එම අවස්ථාවට CDB විධායක අධ්‍යක්ෂ සසීන්ද්‍ර මුණසිංහ, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී හසිත දසානායක සහ සාමාන්‍යාධිකාරී ඉසංක කොටිගල මහත්වරුන් ඇතුළු CDB සමාගමේ කණ්ඩායම් සාමාජිකයින්ද , VEGA Innovations හි අධ්‍යක්ෂ කුසල් සුබසිංහ සහ අධ්‍යක්ෂ Electronics කසුන් සිරිවර්ධන මහත්වරුන් ඇතුළු VEGA Innovations සමාගමේ කණ්ඩායම් සාමාජිකයින්ද, Anantara Peace Haven හි කණ්ඩායම් සාමාජිකයින්ද එක් වූහ.