CDB සහ ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්ව, දකුණු පළාත සඳහා නවීනතම ළමා සංවර්ධන මධ්යස්ථානයක් පිරිනමයි

 

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සහ ශ්රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්ව ‘ප්රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්යස්ථානය පසුගියදා විවෘත කෙරිණි. මෙය, එම ආයතන එක්ව ක්රියාත්මක කරනු ලබන “Act Early for Autism” ව්යාපෘතියේ තවත් එක් අදියරකි.

රුපියල් මිලියන 45 ඉක්මවූ ආයෝජනයකින් සහ නවීන පහසුකම්වලින් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපනයකර ඇති මෙම මධ්‍යස්ථානය, ඕටිසම් ලක්ෂණ (ASD) සහිත දරුවන් හට සුබදායී බලාපොරොත්තුවක් හිමිකරදීම සඳහා අවශ්‍ය පරිපූර්ණ සහයෝගය ලබාදීමේ වැදගත්කම කෙරෙහි CDB සහ SLACD ආයතන තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු කරයි.

‘ප්‍රගති’ ළමා සංවර්ධන මධ්‍යස්ථානය, ඕටිසම් ලක්ෂණ පෙන්නුම්කරන දරුවන්ගේ පුළුල් පරාසයක අවශ්‍යතා සපුරාලිය හැකි ලෙස නිර්මාණයකර තිබේ. චිකිත්සක කාමරය (Therapy Room), අවධානය වෙනතකට යොමු නොවන ලෙස සැලසුම්කර ඇති අතර, එහි මනා පුහුණුවක් ලද චිකිත්සකවරු දරුවන්ගේ අවශ්යතාවලට සරිලන පරිදි තම සේවය ලබාදෙනු ලබති. තවද, නිරීක්ෂණ කාමරය (Observation Room) මගින් දරුවකුගේ ප්රගතිය අධීක්ෂණය කිරීමටත්, එම ප්රගතිය ඇගයුමට ලක් කිරීමටත් එම වෘත්තිකයින් හට අවස්ථාව හිමිකර දෙයි.

දරුවන්ගේ විශේෂිත අවශ්යතා වෙනුවෙන් සැලසුම් සකස් කිරීමටත්, එමගින් වඩාත් යහපත් සෞඛ්ය තත්ත්වයක් සහ සංවර්ධනයක් කරා යන ගමන සමීපව අධීක්ෂණය කෙරෙන බවට තහවුරුකර ගැනීමටත් එම නිරීක්ෂණ කාමරය උපකාරී වේ.

සංවේදක ව්යායාම් ශාලාව (Sensory Gym), දරුවන්ගේ සංවේදක ඒකාබද්ධතාව සහ චලක සංවර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. එම පරිශ්රය තුළ දරුවන් හට සුවිශේෂී වූ සංවේදක අවශ්යතා අනුව චිකිත්සක ක්රියාකාරකම්වල නියැලීමට හැකි වටපිටාවක් නිර්මාණයකර තිබේ. මෙම ක්රියාකාරකම් හරහා, දරුවන්ගේ සංවේදක සහ චාලක කුසලතා වර්ධනය කිරීමට සහයෝගය ලබාදෙන අතර එමගින් ඔවුන්ගේ සමස්ත වර්ධනයට සහ සංවර්ධනයට මග පෑදේ.

‘ප්‍රගති’ ළමා සංවර්ධන මධ්යස්ථානයේ ඇති බහු-ශික්ෂණ කණ්ඩායම් (Multi-Disciplinary Team Room) කාමරය, විවිධ ක්ෂේත්රවල වෘත්තිකයින් අතර සහ-සම්බන්ධයට අවස්ථාව හිමිකර දෙයි. සෑම දරුවෙකුට ම සුවිශේෂී අවශ්යතාවලට අනුකූල විශේෂඥ අධ්යාපනික සහයෝගය ලබාදීම සඳහා ගොඩනගා ඇති විශේෂිත අධ්යාපන ඒකකයකින් (Special Education Unit) ද මෙම පරිශ්රය සමන්විත වේ. මෙමගින් දරුවන්ගේ අභියෝගවලට ඔබින අධ්යාපනයක් හිමිකර දීම මෙන්ම ඔවුන්ගේ සමස්ත සංවර්ධනය සහ වර්ධනය තහවුරු කිරීම ද අපේක්ෂිතය.

දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ද තවදුරටත් බලගැන්වීම සඳහා, මධ්යස්ථානය තුළ විශේෂිත විවේක කාමර පුහුණු පහසුකම් ලබාදීම ද විශේෂත්වයකි. මෙහිදී සුදුසු වැසිකිළි පුරුදු ඇතිකර ගැනීමට දරුවන් හට මග පෙන්වනු ලැබේ. දෛනික ජීවිතයේ අත්යවශ්ය අංගයක්වන මේ සඳහා තම දරුවන්ට සහයෝගය ලබාදීමට අවශ්ය දැනුම සහ සම්පත් දෙමාපියන්ට ලබාදීමට ද මෙමගින් කටයුතු කෙරේ.

දරුවන් හට උසස් ම රැකවරණය සහ සහයෝගය ලබාදීම සඳහා වසර ගණනක අත්දැකීම් සහිත පුහුණුව ලත් චිකිත්සකවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ‘ප්රගති’ මධ්යස්ථානයේ කටයුතු කරති. දරුවන්ගේ කුසලතා වර්ධනයට අමතරව, මවුවරුන් හට ද තම දරුවන්ගේ ප්රතිකාර සඳහා පුහුණුව ලබාදීම මෙම මධ්යස්ථානයේ විශේෂත්වයකි. මධ්යස්ථානයෙන් එපිට නිවෙස තුළදී ද අඛණ්ඩව දරුවන් හට චිකිත්සාව ලබාදීමේ වැදගත්කම හඳුනා ගනිමින්, ඒ සඳහා ද දෙමාපියන් පුහුණු කිරීමට ද මධ්යස්ථානය කටයුතු කරයි.

CDB සමාගම සිය 20වන සංවත්සරය නිමිත්තෙන් 2015 වසරේදී ශ්රී ලංකා ළමා සංවර්ධන සංගමය සමග එක්ව “Act Early for Autism” ව්යාපෘතිය ආරම්භ කළ අතර, ඕටිසම් පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම ඕටිසම් ලක්ෂණ කලින් හඳුනා ගැනීම සහ නිසි කලට අවශ්ය පියවර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම එම ව්යාපෘතියේ අරමුණයි. ඕටිසම් භාරකාර අරමුදල බිහි වූයේ එම සහයෝගීතාවයේ ප්රතිඵලයක් ලෙසය. ජනමාධ්ය මගින් දැනුවත් කිරීම, බාහිර වැඩසටහන් සහ ළමා සංවර්ධන මධ්යස්ථාන ස්ථාපනය සම්බන්ධව CDB සමාගම සිදුකරන සෑම ක්රියාමාර්ගයකට ම එම අරමුදල මගින් පහසුකම් සැපයේ.

මෙම ව්යාපෘතිය සඳහා CDB සමාගම ලබාදෙන දායකත්වයේ එක් පියවරක් ලෙස, 2018 වසරේදී අම්පාර දිස්ත්රික් මහා රෝහලේ එළිමහන් චිකිත්සක පරිශ්රයක් (Outdoor therapeutic play area) ස්ථාපනය කිරීමට කටයුතු කෙරුණු අතර, තවත් පියවරක් ලෙස 2019 වසරේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ‘ප්රගති’ ළමා සංවර්ධන මධ්යස්ථානයක් ද ස්ථාපනය කෙරිණි.

“සැබෑ සාර්ථකත්වය මැනිය හැක්කේ මුල්ය ප්රතිලාභවලින් නොව, අප සමාජය තුළ ඇතිකරන ධනාත්මක බලපෑම මගින් බව අපගේ විශ්වාසයයි. ‘ප්රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්යස්ථානය තවත් එක් ව්යාපෘතියක් පමණක් නොවේ. එය, දරුවන්ගේ සුබසිද්ධිය සඳහා අප දක්වන නොසැලෙන කැපවීම පිළිබඳව මනා සාක්ෂ්යයක් ද වනවා.‘Social Conscious’ යනු CDB අපගේ තිරසර න්යායපත්රයේ ප්රධාන අංගයක්වන අතර, ළමා සෞඛ්යය සහ ළමා සුබසිද්ධිය එහි ප්රධාන අරමුණු වේ. මෙය ඉතාම සංවේදී චාරිකාවක්. අප කටයුතු කරන්නේ, ඕනෑම දරුවෙකුගේ අභියෝග කුමක් වුවත්, එම සෑම දරුවෙකුට ම පෙරට ගමන් කිරීමේ අවස්ථාව හිමි විය යුතුය යන විශ්වාසය මතයි,” යනුවෙන් CDB සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා සඳහන් කළේය.

ශ්රී ලංකා ළමා සංවර්ධන සංගමයේ සභාපතිනී මහාචාර්ය හේමමාලී පෙරේරා මහත්මිය ද මෙම ව්යාපෘතිය පිළිබඳ සිය අදහස් පළ කළාය. “අද අප මේ සිටින්නේ අප්රමාණ ජීවිත සංඛ්යාවක් වෙනසකට ලක්කරන භූමියකයි. ‘ප්රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්යස්ථානය වෙනුවෙන් CDB සමාගම දැක්වූ කැපවීම සහ ඒ වෙනුවෙන් එම සමාගම සිදු කළ කැපීපෙනෙන ආයෝජනය, ඕටිසම් ලක්ෂණ පවතින දරුවන්ටත්, එම පවුල්වලටත් ප්රාතිහාර්යයක් වැනි බව මගේ විශ්වාසයයි. මෙම මධ්යස්ථානය සාමාන්ය චිකිත්සාවලින් ඔබ්බට යමින්, දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හදවතට ආමන්ත්රණය කරන මධ්යස්ථානයක්වනු ඇති. මෙය, අසමසම සහයෝගයකින් යුතුව අභියෝග ජය ගැනීමට රුකුලක්වන, සෑම දරුවෙකුගේ ම උපරිමයට ළඟා වීමට අවස්ථාව උදාකර දෙන, සිහින බලගන්වන ස්ථානයකි.”

‘ප්රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්යස්ථානය යනු තවත් එක් ළමා සංවර්ධන මධ්යස්ථානයක් පමණක් නොවන අතර, එමගින් දකුණු පළාතේ ඕටිසම් ලක්ෂණ සහිත දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ප්රගතිය, බලාපොරොත්තුව සහ නොසැලෙන සහයෝගය සංකේතවත් කෙරේ.

මෙම ව්යාපෘතියේ ජනගත කිරීමට සමගාමීව බාහිර වැඩසටහන් මාලාවක් ද දියත් කිරීමට නියමිතය. තවද, වැදගත් තොරතුරු සමාජගත කිරීමටත්, ප්රජාව අතර දැනුවත් භාවය ඇති කිරීමටත් ජනමාධ්ය හරහා සන්නිවේදන වැඩසටහනක් දියත් කිරීමට ද අපේක්ෂිතය.