CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන – 15 වන අදියර

අයදුම්පත Download කරගන්න

2021 වසරේ 5 වසර ශිෂ්‍යත්වය හෝ සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් සහ ආර්ථික දුෂ්කරතා සහිත ඔබගේ දුවට පුතාට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සමගින් එක්වීමට ඉහත ආදර්ශ අයදුම්පත පුරවා සහකාර සාමාන්‍යාධිකාරී – අලෙවි සහ තිරසාරත්ව, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී, අංක 123, ඔරාබිපාෂා මාවත, කොළඹ 10 යන ලිපිනයට ඉක්මනින් යොමු කරන්න

සම්පුර්ණ කරන ලද අයදුම්පත සමඟ දරුවාගේ උප්පැන්න සහතික පිටපත, පාසැල් නිල ඇදුමින් ලබාගත් පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරුපයක්, විදුහල්පතිතුමා සහතික කරන ලද විභාග ප්‍රතිඵල සටහන, ආර්ථික අපහසුකම් ඇති අයෙක් නම් ඒ බව (මාසික ආදායම) ග්‍රාම සේවක මහතා සහතික කල සහතිකයක් අමුණා එවිය යුතුය.

දෙමව්පියන්ගේ දුරකථන අංක 2 ක් සහ දෙමව්පියන් පදිංචි ලිපිනය සඳහන් කිරීම අනිවාර්ය බව සලකන්න

අයදුම්පත Download කරගන්න